සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභින්ට සහන සලසන්න – සජිත් රජයෙන් ඉල්ලයි.

Podu Jana Peramunaකොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් සහන රැසක්” යනුවෙන් නිකුත් කළ ලේඛණයට අනුව එහි අංක 12 යටතේ අන්තර්ගත සමෘද්ධිලාභින් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා ලබාදෙන බව සඳහන් කර තිබු රුපියල් 10000 ක පොලි රහිත අත්තිකාරම් මුදල ලබාදීමේදි රජය විසින් සමාද්ධිලාභීන්ව අලුත් සහ පැරණි යනුවෙන් කොටස් වලට බෙදා වෙන්කර එක් කොටසකට පමණක් එම සහනය ලබාදීමට කටයුතු කරමින් සිටින බව, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ පැරණි සමෘද්ධිලාභින්ට පමණක් එම සහනය ලබාදීමට කටයුතු නොකර සැමටම එම සහනය ලබාදෙන ලෙසයි. එමෙන්ම මෙම අවස්ථාවේ වර්ගීකරණයකින් තොරව මානුෂීයව කටයුතු කරන ලෙසත් කොරෝනා උවදුර නිසා ව්‍යාකුල වී සිටින ජනතාව වෙනුවෙන් සක්‍රිය වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා වන ඕනෑම ජනතාවදී ක්‍රියාමාර්ගයකට සිය සහය ලබාදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට