සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාව ආරක්ෂා කරන බව පවසා බලයට පැමිණියත් එය ඉටුකිරීමට ජනාධිපතිවරයාට මෙතෙක් හැකිවී නෑ – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaජනතාව ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණිය ද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙතෙක් හැකිවී නොමැති බව සමඟි ජන බලවේගය චෝදනා කර සිටියි.ඊයේ (24) කොළඹ පිහිටි එම සංවිධානයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඇය විසින් පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් දක්වා සිටින ලදී.

මෙරටට කොරෝනා වෛරසය පැමිණීමත් සමඟ එම රෝගය මෙරටින් තුරන් කරන දිනය පවා නම් කිරීමට වත්මන් රජය කටයුතු කළා. නමුත් අද වනවිට කොරෝනා වෛරසය රට පුරාම පැතිරෙමින් පවතිනවා.

ජනතාව ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණියත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙතෙක් හැකිවෙලා නෑ.

පසුගිය මාර්තු 17 දින වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිය ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙනයාමට බහුතර බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියා. එසේ සහය ඉල්ලූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැතිව මේ වනවිට ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරලා.

ඇඟළුම් සහ තේ ඇතුළු කර්මානත් රැසක් මේ වනවිට බිඳවැටී අවසන්. මෙවැනි ව්‍යසනකාරි තත්ත්වයක වුනත් ආණ්ඩුව, අධිවේගී මාර්ග මෙන්ම වෙනත් මාර්ග සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ණය ලබාගැනීමට උත්සහ කරමින් සිටිනවා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමටත් ආණ්ඩුව උත්සාහ කරනවා.

පසුගිය යහපාලන රජයට විවිධ චෝදනා එල්ල කළ වත්මන් ආණ්ඩුව තමයි මේ ආකාරයට කටයුතු කරන්නේ. ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ලේකම්වරයා ද, නැත්තම් අග්‍රාමාත්‍යවරයාදැයි විමසන්න සිදුවෙලා තිබෙන්නේ. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙන්නේ බහුතර බලය මිස රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව නොවෙයි.

විපක්ෂයට ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන එකම ස්ථානය පාර්ලිමේන්තුවයි. එයත් අද වනවිට වසාදමලා තිබෙන්නේ. මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදන අවස්ථාවක හමුදා නිලධාරීන් ආයතනවල ඉහළ තනතුරු සඳහා පත්කිරීම තුළින් රටම මිලිටරිකරණය වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක් රට තුළ ගෙනයමින් තිබෙනවා.

මෙහිදී හිටපු එක්සත් ජාතික පක්‍ෂ දකුණු පළාත් සභා මන්ත්‍රි චතුර ගලප්පත්ති මහතා ද මාධ්‍ය වෙත සිය අදහස් පළකර සිටියේය.

වත්මන් ආණ්ඩුව ජනතාවට සහන දෙන මුවාවෙන් සිය දේශපාලන කටයුතු කරගෙන යමින් සිටිනවා. රුපියල් 5000 දීමනාව ද රජයට පක්ෂපාතී ජනතාව වෙත පමණක් ගෙවීමට කටයුතු කිරීම නිසා අහිංසක ජනතාව කබලෙන් ලිපට වැටිලා සිටින්නේ. සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත රැසක් මේ වනවිට ඉතා පහළ තත්ත්වයට ඇද වැටිලා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නැවත ගොඩගැනීමට තවත් වසර දෙකක් පමණ ගතවේවී. ඒ නිසා එම කර්මාන්තයේ නියැලී සිටි පුද්ගලයින්ට යම් සහනයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා. ධිවර කර්මාන්තයේ තත්ත්වයත් මේ ආකාරයමයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට