සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

කි.මී 27ක් හදන්න සමාගම් 8කට ටෙන්ඩර් දීලා – දයාසිරි ජයසේකර

Dayasiriඑක්සත් ජාතික පක්ෂ පා.ම දයාසිරි ජයසේකර පැවසුවේ රජය කි.මී 27ක මාර්ගයක් ඉදිකිරීම සඳහා සමාගම් 8කට ටෙන්ඩර් ලබා දී ඇති බවයි. ඒ අනුව එක කිලෝමීටරයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැය වී ඇති බව හෙතෙම අවධාරණය කරයි.

‍අනෝමා ෆොන්සේකා කොළඹ පුරපති තරඟයට සූදානම්..

Anoma_fonseka_1කොළඹ මහනගර සභාවේ නගරාධිපති තනතුරට සරත් ‍ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන‍්සේකා ඉදිරිපත් කිරිමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය පවසයි. එහිදී ඇය පොදු විපක්ෂයක් යටතේ තරඟ කිරීමට අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය අවධාරණය කරයි.

නව වසරේ ජනපති වැඩ අරඹයි..

mahindanewyearඊයේ(03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයේදී ජනපති මහින්ද රාජපක්ෂ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අය සහභාගී විය. වැඩිපුර කියවිමට.. »

උපාධි අපේක්ෂයින්ට ඉංග්‍රීසි සමත් වීම අනිවාර්යයි..

external degreeවිශ්ව විද්‍යාල වලට අයදුම් කරන අභ්‍යන්තර හා බාහිර උපාධි අපේක්ෂකයින්ට ඉංග්‍රීසි භාෂාව සමත් වීම අනිවාර්ය කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි. වැඩිපුර කියවිමට.. »

එජාප මහලේකම් එංගලන්ත එජාප ආධාරකරුවන් හමුවේ..

එජාප මහලේකම් එංගලන්ත එජාප ආධාරකරුවන් හමුවේඊයේ ලන්ඩනයේ හොපර් හට් ශාලාවේ එජාප මහලේකම් තිස්ස අත්තනායක, ලන්ඩන්හි වෙසෙන එජාප පාක්ෂිකයන් හමුවිය. වැඩිපුර කියවිමට.. »

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද..

parliament-colombo-sri-lankaනව පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියවීමේ විවාද‍ය පවත්වමින් පාර්ලිමේන්තු සභා වාරය නව වසරේ පළමු වර‍ට අද (04) ආරම්භ වීමට නියමිතය. පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාද අද පැවැත්වීමට නියමිතය.

ජාතික ළමා හිංසන විරෝධතා දිනය අදයි..

child abuseජාතික ළමා හිංසන විරෝධතා දිනය අදට යෙදී ඇත. මේ වසර තුළ ළමයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය හා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය සූදානමින් සිටී. වැඩිපුර කියවිමට.. »

ලංකා ගුරු සංගමයේ මහින්ද ජයසිංහ, ලෝක ගුරු සංගමයේ ලේකම් තනතුරට..

mahida jayasingheලෝක ගුරු සංගමයේ ව්‍යවස්ථාපිත සමුළුව පසුගිය දෙසැම්බර් 26, 27 හා 28 යන දින වල බංගලාදේශයේ ඩකා නුවර පැවති අතර එහිදී තෝරා පත් කර ගන්නා ලද නව නිලධාරී මණ්ඩලයේ ලේකම් තනතුරට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ තෝරා ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන්නේ ලංකාවේ – ගයන්ත කරුණාතිලක

gayantha karunathilakaඅද කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එජාප මාධ්‍ය ප්‍රකාශක පා.ම ගයන්ත කරුණාතිලක පැවසුවේ ආසියාවේ වැඩිම විදුලි බිල මේ වන විට ලංකාවේ පාර්භෝගිකයින් විසින් ගෙවන බවයි. පසුගිය මැතිවරණ වලදි දුන් පොරෝන්දු මෙවර අයවැයෙන් වත් ඉටු නොකර පොල් හා බිත්තර මිල ගැන රජය මේ වන විට කතා කරන බව ගයන්ත කරුණාතිලක අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

දොස්තර ජයලත්ගෙන් ගිනස් වාර්තාවක්..

දොස්තර ජයලත්ගෙන් ගිනස් වාර්තාවක්අද කොළඹ කේම්බ්‍රිජ් ටෙරස්හි එජාප පා.ම දොස්තර ජයලත් ජයවර්ධනගේ ගිනස් වාර්තාව සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ, පා.ම ජෝන් අමරතුංග හා කරු ජයසූරිය යන අය සහභාගී විය. දොස්තර ජයලත් ජයවර්ධන ගිනස් වාර්තාව තබා ඇත්තේ එක දිගට වසර 14ක් ටී.එන්.එල් රූපවාහිනියේ වෛද්‍ය වැඩසටහනක් මෙහෙයවීමෙනි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්123 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්225  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්121  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්122  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්123  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්124  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට