සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනය රජයට පවරා ගනී..

Jihnstonමෙතෙක් කළමනාකරණ භාරයක් යටතේ පැවති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනය සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඊයේ තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  අමාත්‍යවරයා මෙම තීරණයට එළඹියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ පෙරවරුවේ කළ හදිසි නිරීක්ෂණයකින් අනතුරුවය. වැඩිපුර කියවිමට.. »

සාර්ක් රටවල හමුදා නිලධාරීන් පිරිසක් දිවයිනට..

SAARC_logoයුධ හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ හමුදා පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී වීමට සාර්ක් කලාපීය රටවල හමුදා නිලධාරීන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම පුහුණු පාඨමාලාව ලබන සතියේ සිට මාසයක කාලයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රථම වරට කාන්තාවක් කම්කරු කොමසාරිස් ජනරාල් වෙයි..

kam1985 වසරේ සහකාර කම්කරු කොමසාරිස්වරියක ලෙස සේවයට බැඳුණු පර්ල් වීරසිංහ මෙලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ධූරයට පත්ව ඇත. මෙම තනතුර ලැබීමට ප්‍රථමව ඇය කාන්තා හා ළමා අංශය භාර කම්කරු කොමසාරිස්වරිය ලෙස සේවය කරමින් සිටියාය.

පළාත් පාලන ආයතන 10 වෙනිදා විසුරවයි..

ballot_boxරටපුරා පිහිටි පළාත් පාලන ආයතන විසුරුවා හැරීම ජනවාරි 10 වෙනිදා විසුරවා හැරීමට සූදානම් බව රජය පවසයි. ඉන්පසුව, එකම දිනයකදී ප‍්‍රථම වරට එම පළාත් පාලන ආයතන සියල්ල සඳහා ඡන්ද විමසීම මාර්තු මාසයේ මැද භාගයේදී පවත්වනු ලබන බව අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන පවසයි. වැඩිපුර කියවිමට.. »

නව සිහළ උරුම නායක අත්අඩංගුවට..

sarath manaනව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ වරදකට බවත් ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව ගිනි අවියකුත් තිබී ඇති බව අප වෙත වාර්තා වේ.

නව වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹේ..

images (4)නව වසරේ පළමු පාසල් වාරය අදින් (03) ආරම්භවේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සිදු වන පාසල් සඳහා නව පාසල් වාරය ජනවාරි 10 වනදා ආරම්භ කෙරේ.

වාහනවල ගමන් කරන විට ආරක්‍ෂිත බඳපටි පැළඳීම අනිවාර්යයි – පොලිස්පති

images (3)මේ වසරේ  (2011)  සිට, වාහනවල ගමන් ගන්නා විට ආරක්‍ෂිත බඳපටි පැළඳීම අනිවාර්යය කිරීමට කටයුතු යොදන බව පොලිස්‌පතිවරයා පවසයි.  ඉංග්‍රීසි අංක සහිත වාහනවලට පමණක්‌ මෙම නීතිය වලංගු වන අතර ඉංග්‍රීසි අංක භාවිතයට පෙර භාවිත කළ අංක සහිත බොහෝ වාහනවල  බඳ පටි නොමැති වීම නිසා මෙම නීතිය ඉංග්‍රීසි අංක රහිත වාහන හිමියන්ට බල නොපානු ඇත.

ජනවාරි 12 දා එ.ජා.ප ‍ය නව නායකයා තෝරා ගනියි..

images (2)එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකත්වය , ප්‍රධාන තනතුරු පත් කිරීම සහ නව ව්‍යවස්‌ථා ක්‍රියාත්මක තිරීම සම්බන්ධ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ රැස්‌වීමක්‌ මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිතය. කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණයෙන්, නොමැති නම් ඡන්දයකින් පක්ෂයේ ප්‍රධාන තනතුරු පත්කරගත යුතු බවට දැනට තිබෙන යෝජනාවයි.

සජිත් අනිවාර්යයෙන් එ.ජා.ප යේ නායකයා විය යුතුයි..

සජිත් අනිවාර්යයෙන් එ.ජා.ප යේ නායකයා විය යුතුයිසජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතු බව පක්ෂ සාමාජිකයන් කියා සිටියි. වැඩිපුර කියවිමට.. »

පක්‍ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්‌ෂණ ඉදිරි දින වල – මැතිවරණ කාර්යාලය

images (1)දේශපාලන පක්‍ෂයක්‌ ලෙස ලියාපදිංචි වීම‍ට අයෑදුම්පත් ඉදිරිපත් කළ පක්‍ෂ හා සංවිධානවල සම්මුඛ පරීක්‌ෂණ ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට මැතිවරණ කාර්යාලය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්124 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්225  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්122  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්123  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්124  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට