සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ජා.නි.පෙ අභ්‍යන්තර අර්බුදයක..

vimal-weeravansaජාතික නිදහස් පෙරමුණෙන් ජාතික ලැයිස්තුව සදහා නම් කර තිබුණේ අචල සුරංග ජාගොඩ හා මුසම්මිල් යන දෙදෙනායි. එහෙත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරය හිමි වූයේ අචල සුරංග ජාගොඩට පමණි. ඒ අනුව පක්ෂයේ විශාල වැඩ කොටසක් කළ මුසම්මිල් පක්ෂ නායකත්වය සමග දැඩි අමනාපයෙන් කටයුතු කරන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ පිළිබදව විමල් වීරවංශ සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව මුසම්මිල් පවසා ඇත.

විජමු හා ‍අනුරුද්ධ රත්වත්තේ ඉවතට..

vjm and anuruddhaචන්ද්‍රිකා ජනාධිපතිනි කාලයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යව‍රයෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමා‍ජිකයෙක් වන අනුරුද්ධ රතවත්තේ මෙවර එජනිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි. එහෙත් අවසාන මොහොතේ ඔහුගේ නම ජාතික ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එජනිස නායකත්වය පියවර ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

ජොන්ස්ටන් හා සමිතා රිය අනතුරක..

joni and samithaකුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙරේදා රාත්‍රී නුගේගොඩදී රිය අනතුරකට ලක් වී ඇත. එම සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රසිද්ධ ගායිකා සමිතා මුදුන්කොටුවද රථය තුළ සිට ඇත. රිය අනතුරෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සුළු තුවාල ලබා ඇති අතර ප්‍රසිද්ධ ගායිකා සමිතා මුදුන්කොටුව බරපතල තුවාල ලබා ඇපලෝ රෝහලට ඇතුළත් කර ඇත.

මනෝ කන්ද උඩරටින් එළියට..

ManoGanesan24පසුගිය කාලයේ එජාපය සමග එකතු වී දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ බස්නාහිර පළාතේ ජනතා විමුක්ති පෙරමුණේ මනෝ ගනේෂන් 7 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වී ඇත. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය. මනෝ ගනේෂන් පසුගිය මස එජාප නායකත්වය සමගද සුලු ආරවුලක් ඇති කර ගත් අයෙකි. වැඩිපුර කියවිමට.. »

නාවලපිටියේ හා කුඹුරුපිට්ටි ඡන්දය..

nawalapitiya electionනාවලපිටියේ හා කුඹුරුපිට්ටි යන ඡන්ද බල ප්‍රදේශයන්හි නැවත ඡන්දය පවත්වා අවසන් වී ඇත. සමස්ථයක් ලෙස ගත් කළ ඒ ආසන දෙකේම සාමකාමීව මැතිවරණය පැවැත්වුණු බව නිරීක්ෂකයන් පවසයි. නාවලපිටියේ 60% ඡන්දය ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලය කුඹුරුපිට්ටි ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කළේ 45%ක පමණ ප්‍රතිශතයකි. මෙවරත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළහොත් ඡන්දය ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් පැවසූ නිසා කිසිදු අපේක්ෂකයෙක් මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා සදහා යොමු වී නොතිබුණි.

මහජන පාර්ශවය ප්‍රතිසංවිධානයකට සූදානම්..

mangala_samaraweera copyමෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රීලනිප ම පාර්ශවයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කර ඇත. එහිදී තීරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන ගමන් තම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද ඉදිරියට කර ගෙන යා යුතු බවය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පක්ෂයේ ප්‍රභලයින් රැසක් පක්ෂයට අහිමි විය. වැඩිපුර කියවිමට.. »

නාවලපිටිය සාමකාමියි..

election nawalapitiyaපසුගිය 8 වෙනිදා පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිදුවූ අක්‍රමිකතා නිසා ඡන්දය ශූන්‍ය කරන ලදී. එසේ ශූන්‍ය කරන ලද ඡන්දය අද ඉතා සාමකාමී ලෙස මේ වන විට පවත්වමින් ඇත. මෙවර නාවලපිටියේ ආරක්ෂාවට පොලිසිය සමග විශේෂ කාර්ය බලකායේ හා හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇත. මධ්‍යහන 12 පමණ වන විට නාවලපිටියේ 35%ක පමණ ඡන්ද ප්‍රමාණයක් මේ වන විට ප්‍රකාශ කර ඇත. නමුත් වතු කම්කරුවන්ගෙන් 12%ක තරම් අඩු ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇත. මේ අනුව පෙනී යන්නේ මනාප පොරය නිසා ජනතාවට පවා ඡන්දය එපා වී ඇති බවය.

7 වෙනි පාර්ලිමේන්තුවේ අගමැති කන්ද උඩරටින්..

dm jayarathna7වෙනි පාර්ලිමේන්තුව ලබන 22වනදා රැස් වීමට නියමිතව ඇත. එහිදී නවක අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දවුරුම් දීමට නියමිතය. මේ අතර 7 වන පාර්ලිමේන්තුවේ කථානායක වන්නේ චමල් රාජපක්ෂය. ඊට අමතරව ජනාධිපති මෙවර පාර්ලිමේන්තුවේ අගමැති ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කෙනෙක් වන දී.මූ ජයරත්න  පත් කිරීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව එතුමා අගමැති ධූරයේ ‍ලබන නොවැම්බර් 19 වෙනි දින දක්වා එම ධූරයේ කටයුතු කරනු ඇත. ලබන නොවැම්බර් 19 ජනපතිගේ දෙවන ධූර කාලය පටන් ගන්නා දිනය වේ.

දුටුගැමුණු ධර්මපාලට අදියි..සුරාවට කණකොකා..

mervin silvaකැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසල් වසා දමා ඇති බවත්, ඒ අනුව වයින් ස්ටෝර්ස්,බාර් මෙන්ම ෆුඩ් සිටි වල මත්පැන් අලෙවි කවුන්ටර් ද වසා දමා ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි. හිටපු කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පසුගිය 17 වන දින කැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසැල් වසා දමන ලෙස නියෝග කර තිබිණි. සුරා බදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සුරාසැලක් විවෘත කරන්නට මෙන්ම වසා දමන්නට ද නීතියෙන් අවසරයක් නැතත් ඇමතිවරයාගේ දේශපාලන බලයට හිතුමතේ මෙවැන්නක් කරන්නට හැකියාවක් ලැබී තිබේ. වැඩිපුර කියවිමට.. »

ලසන්ත ඝාතනයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්..

lasantha wicramathungaමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ත්‍රස්ත විමර්ශන අංශයට අවසර ලබා දී තිබේ. පොලිසිය පවසන පරිදි රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් සහ”ද නේෂන්”පුවත්පතේ නියෝජ්‍ය කතෘ කීත් නොයාර් යන අයට පහරදීමේ සිද්ධීන් වලට ද මෙම සැකකරුවන්ගේ සබඳතා ඇති බව හෙ‍ළි වී ඇත.සැකකරුවන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බව පෙන්වා දීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒ සඳහා අවසර ලබා දී තිබේ.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්132  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්123  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්124  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්127 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට