සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට සියලු ජනතාව එක්විය යුතුයි – ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට සියලු ජනතාව එක්විය යුතුයි - ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂරණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට සියලු ජනතාව එක්විය යුතු බවත් බටහිර ජාතීන්ගේ බලපෑම් හමුවේ නොසැලී ඒවාට මුහුණ දියයුතු බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියි. ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (17) දින නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවති රණවිරු පුණ්‍යාමෝදනා – 2011 වැඩසටහනට සහභාගි වෙමිනි. වැඩිපුර කියවිමට.. »

ස්වාධීන ශිෂ්‍ය සංගමයක් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානය සමග එක් වී කටයුතු කරනවා – උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය

ස්වාධීන ශිෂ්‍ය සංගමයක් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානය සමග එක් වී කටයුතු කරනවා - උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමයස්වාධීන ශිෂ්‍ය සංගමයක් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානය සමග මින් ඉදිරියට කටයුතු කරන බව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර සිටියි. අද (17)  දින කොළඹ 02, නිපෝන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම ශිෂ්‍ය සංගමයේ සභාපති බුද්ධික රෝසා විසින් මෙම අදහස් පළ කරන ලදී. වැඩිපුර කියවිමට.. »

ආචාර්ය පී.බී. ජයසුන්දර තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි..

P._B_Jayasundaraමුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට අප වෙත තොරතුරු වාර්තා වේ. එසේවුවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පී.බී ජයසුන්දරගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති හෝ නොමැති බව මේවන තෙක් අනාවරණය වී නැත.

ශ්‍රී ලංකාවේ 33 වැනි පොලිස්‌පතිවරයා ලෙස එන්.කේ. ඉලංගකෝන් පත්කෙරේ..

N_K-Ilangakoonමෙරට 33 වැනි පොලිස්‌පතිවරයා ලෙස එන්. කේ. ඉලංගකෝන් ඊයේ (16) දින පත් කරන ලදී. පොලිස්‌පති මහින්ද බාලසූරිය අද (17) දින සිට විශ්‍රාම යෑමට නියමිතය. උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස 1980 වසරේ ජනවාරි 28 දින ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවට එක්‌වී ඇති එන්.කේ ඉලංගකෝන් 1982 දී තරග විභාගයෙන් ආධුනික සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස උසස් වීම් ලැබීය.

ජ,පුර සරසවියේ උපකුලපතිවරයා මේ ඉටු කරන්නේ ජනාධිපතිවරයාගේ, ආරක්ෂක ලේකම්වරයාගේ හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වුවමනා එපාකම් – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

DSC01880ජ,පුර සරසවියේ උපකුලපතිවරයා මේ ඉටු කරන්නේ ජනාධිපතිවරයාගේ, ආරක්ෂක ලේකම්වරයාගේ හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වුවමනා එපාකම් පමණක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. එහි කැදවුම්කරු වන සංජීව මහේෂ් බණ්ඩාර මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16) දින මරදාන ඩීන්ස් පාර සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. වැඩිපුර කියවිමට.. »

නවක සරසවි සිසුන් දස දහසක් නායකත්ව පුහුණු පාඨමාලාවේ දෙවන අදියරට..

uscamp_01නවක සරසවි සිසුන් දස දහසක් නායකත්ව පුහුණු පාඨමාලාවේ දෙවන අදියරට තෝරා ගෙන ඇති අතර එම පුහුණු පාඨමාලාව දිවයින පුරා හමුදා සහ පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථාන 29 කදී අද (17 ) දින ආරම්භ කිරීමට නියමිතය. සරසවි සිසුන් මෙම පාමාලාව සදහා ලියාපදිංචි කිරීම ඊයේ  (16) දින ආරම්භ විය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දෙනවා – ලංකා ගුරු සේවා සංගමය

Teach IMG_5306විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ගෙන ඇති උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමයේ සහය ලබා දෙන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. වැඩිපුර කියවිමට.. »

ද්වීතීය පාසල් 1000කට ගුරුවරු 3000ක් බඳවා ගැනේ..

teachersද්විතීයික පාසැල් 1000ක මානව සම්පත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ගුරුවරුන් 3000ක් බඳවා ගැනීම සඳහා මේ දිනවල උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. වැඩිපුර කියවිමට.. »

විකල්ප සංවිධානයක් ඉල්ලූ රජය විකල්ප මහලේකම්වරයෙක් ඉල්ලන්නේ නැත්තෙ ඇයි? – රවී කරුණානායක

ravi-karunanayakeඑක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් හෙළාදකින ලද රජය විසින්ම මේ වනවිට ඔහුගේ දෙවන ධුර කාලය සඳහා එකඟතාවය පළකර ඇති බව අද(16) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප ජාතික සංවිධායක රවී කරුණානායක පවසා සිටියේය. වැඩිපුර කියවිමට.. »

ඩේවිඩ් කැමරන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි..

Devit-cemaranදෙමළ ජාතිකයින්ට එරෙහිව යුද අපරාධ සිදුකළ බවට එල්ලව ඇති චෝදනා විමර්ශනය කරන මෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්345  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්124  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්127  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්128 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට