සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

රුහුණෙන් අල මෙහෙයුමක්..

ala wargaරුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් කෙරුණු අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ මෙරටට කෑම වර්ග අල වර්ග පිට රටින් ගෙන ඒමේදී විශාල මුදලක් වැය වන බවයි. වැඩිපුර කියවිමට.. »

ලන්ඩනයේදී ජනපතිට විරුද්ධව එල්.ටී.ටී.ඊ හිතවාදීන් උද්ඝෝෂණයක..

ltteඊයේ ලන්ඩන් බලා ගිය ජනපතිට විරුද්ධව ලන්ඩන් හිතෲ ගුවන් තොටුපලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් 300කට අධික පිරිසක් විසින් උද්ඝෝෂණය කරන ලදී. ජනපති ගුවන්තොටුපෙලෙන් පිටවූයේ ප්‍රභූ අංගනයෙන් නිසා උද්ඝෝෂණකරුවන් ඉදිරියට හමු නොවූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති පොරොන්දු වූ පරිදි රු.2500 දුන්නේ නෑ – වෘත්තීය සමිති මහා සම්මේලනය

ජනාධිපති පොරොන්දු වූ පරිදි රු.2500 දුන්නේ නෑඊයේ වෘත්තීය සමිති මහා සම්මේලනය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පවසා සිටියේ ජනාධිපතිවරයා මෙවරත් පොරොන්දු වූ පරිදි රු.2500 වැටුප් වැඩි වීම ලබා දුනනේ නැති බවය. රජය මෙවරත් රජයේ නිලධාරීන් මුලා කළ බව පවසන ඔවුන් ඉදිරියේදී රටේ දැවැන්ත අරගලයක් සිදු කරන බව අවධාරණය කර සිටී. වැඩිපුර කියවිමට.. »

සමූහ මිනී වලවල් පරීක්ෂා කිරීම අරඹයි – උභය මැදවල

mini walawalඑල්. ටී.ටී. ඊ සංවිධානය විසින් අත් අඩංගුවට ගෙන ඝතන කර පුළුස්සා දැමු නාවික හා යුද හමුදා සාමාජිකයන්ගේ භෂ්මාවශේෂ පිළිබදව තොරතුරු පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් වාර්ථා වන බව යුධ හමුදා මධ්‍ය ප්‍රකාශක උභය මැදවල පවසයි. වැඩිපුර කියවිමට.. »

පසුගිය වසරේ අපරාධ වල වැඩිවීමක්..

thiefපොලිසිය පවසන ආකාරයට පසුගිය වසරේ පමණක් අපරාධ 57,340 ක් සිදුව ඇත. 2009 වසරේ අපරාධ වාර්තාව පසුගියදා නිකුත් විය. සංඛ්‍යා ලේඛනවලට අනුව 2008 වසරට වඩා පසුගිය වසරේ අපරාධ අඩු වී ඇති බව එයින් කියවේ. වැඩිපුර කියවිමට.. »

ඇමති මණ්ඩලයට මසකට රු.ලක්ෂ 2200ක් – තිස්ස අත්තනායක

tissa attanayakeඅද කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ එජාප මහලේකම් තිස්ස අත්තනායක පැවසුවේ ජනාධිපතිවරයා මෙවර ජනතා විරෝධයද නොතකා ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති බවය. වැඩිපුර කියවිමට.. »

මෙවරත් ප්‍රමාණවත් වැටුප් වැඩි වීමක් නෑ. වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනිවාර්යයි – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Lalkanthaමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන්නේ මෙවර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප්‍රෝඩාකාරී අයවැයක් බවයි. වැඩිපුර කියවිමට.. »

ප්‍රියංකර ජයරත්න සිවිල් ගුවන්‍ සේවා ඇමති ධූරයට..

Priyankara-100_1හිටපු නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න ඊයේ පස්වරුවේ සිවිල් හා ගුවන් සේවා අමාත්‍යධූරයේ දිවුරුම් දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඒ අනුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය තව එකකින් ඉහළ යනු ඇත.

සුභ අනාගතයකට අයවැය වරප්‍රසාද මෙන්න..

ayawaya 2011ඊයේ පසවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2011 අයවැය යෝජනා ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වැට් බද්ද ඉවත්කිරීමට කටයුතු කර ඇත. වැඩිපුර කියවිමට.. »

යාපනය රතුකුරුස කාර්යාලය වැසීමට සූදානමක්..

red crossඅන්තර් ජාතික රතුකුරුස සංවිධානයේ යාපනයේ පිහිටුවා ඇති කාර්යාලය ඉදිරි දින කීපය තුළදී වසා දැමීමට සූදනම් වන බව එම සංවිධානය පවසයි. රතුකුරුස සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරිණිය සරසි විජේරත්න පැවසුවේ එය වැසීමට කටයුතු කරන්නේ රජය කළ ඉල්ලීමක් අනුව බවය. යාපනය කාර්යාලය වැසීමෙන් පසුව එම සියලු කටයුතු කොළඹ කාර්යාලය හරහා සිදු කිරීමට නියමිතව ඇත.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්144 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්227  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්142  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්143  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්144  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට