සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය කවදාවත් මුදලට යට වෙන්නේ නෑ – සංජීව බණ්ඩාර

sanjeewabandara in pressසරසවි ශිෂ්‍ය නායකයින්ට විදෙස් සංචාර ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙන නමුත්, ආණ්ඩුවට කිසිදු අයුරකින් ශිෂ්‍ය නායකයින් මිලදී ගත නොහැකි  බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර අවධාරණය කරයි. ඊයේ (නොවැ. 21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, ආණ්ඩුවේ මුදල්වලට ශිෂ්‍ය ව්‍යාපාරය යට නොවන බවයි. වැඩිපුර කියවිමට.. »

මුස්ලිම් කොන්ග්‍රස් නායක එක් මන්ත්‍රී ධූරයක් සඳහා විශාල පාවාදීමක් සිදු කරා – ඒ.ජේ.එම් මුසම්මිල්

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුස්ම්මිල්එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුසම්මිල් අද මාධ්‍ය සාකචඡාවක් කැඳවමින් පවසා සිටියේ තමා කවදාවත් මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මෙන් එජාපය පාවා දී පක්ෂය හැර නොයන බවයි. රවුෆ් හිකීම් එජාපය හැර ගියේ එක් මන්ත්‍රීධූරයක් ලබා ගැනීම සඳහා බව හෙතෙම අවධාරණය කරයි.   වැඩිපුර කියවිමට.. »

ඇමති මණ්ඩලය පුම්බයි..

ministers in slparalimentනව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද ජනපති ඉදිරියේ දිවුරුම් දෙන ලදී. මෙහිදී කැබිනට් අමාත්‍ය මණ්ඩලටය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 9 දෙනෙක්ද සෙසු අමාත්‍යවරු 49 දෙනෙක්ද ඇතුළත්ය. ඒ අනුව කැබිනට් මණ්ඩලය 58 දක්වා ඉහළ ගොස් ඇත. එජපයේ සිට ආණ්ඩවට එකතු වූ පා.ම වරුන්ට මෙවර වැඩි සැළකිල්ලක් දක්වා ඇත. නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පා.ම වරු 31 දෙනෙක් දිවුරුම් දුන් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

එජාප ග්‍රාමචාරිකා ඉතා සාර්ථකව කුණ්ඩසාලේ දී අවසන් වේ..

දිනන මඟ කියන ග්‍රාමචාරිකාඑජාප තුන්වන ග්‍රාම චාරිකා වැඩ සටහන පසුගිය දෙදන පුරා මහනුවර කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාශයේ සාර්ථකව පැවැත්විණි. එම වැඩසටහනට එජාප පා.ම සජිත් ප්‍රේමදාසද සහභාගී විය. එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදීය. එම වැඩසටහනේදී ශ්‍රමදාන හා සමාජ සත්කාරක වැඩසටහන් රාශියක්ද සමාජ ප්‍රවර්ධක වැඩසටහන් සහ සමාජ සංවාදශීලී ජනහමු රාශියක් පවත්වන ලදී.

දීමූ නැවත අගමැති ධූරයේ දිවුරුම් දෙයි..

dm jayarathnaජනාධිපති දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ සිය කැබිනට් මණ්ඩලය විසුරුවා හරින ලදී. ජනපතිගේ නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත හිටපු අගමැති දී.මූ ජයරත්න දිවුරුම් දී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට..

Ayaweyaලබන වසර සඳහා වන අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.  මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පස්වරු 1.35ට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.  ඉකුත් දා ඉදිරිපත් කෙරුනු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ මුලු වියදම රුපියල් එක් ලක්ෂ අට දහස් අනූහය කෝටි හැත්තෑ හත් ලක්ෂ හැටහය දහසක් වේ.   වැඩිපුර කියවිමට.. »

නව කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම් දීම 23 දා..

images (1)ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම්දීම මෙම මස 23 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යධූර දරණ ජ්‍යෙෂ්ඨයන් හත්දෙනකු හෝ අටදෙනකුට කැබිනට්‌ ඇමැතිධුර හිමිවීමට නියමිතය..

සජිත් පළමු වරට අද ග්‍රාම චාරිකාවේ..

imagesවිපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද (21) මහනුවර කුණ්‌ඩසාල ප්‍රදේශයේදී ග්‍රාම චාරිකා වැඩසටහනට සහභාගි වීමට නියමිතය. ග්‍රාම චාරිකා වැඩසටහන‍‍ට මේ වනතෙක්‌ සහභාගි නොවූ සජිත් ප්‍රේමදාස පළමු වරට අද මෙම  වැඩසටහනට සහභාගි වේ. වැඩිපුර කියවිමට.. »

වැටුප් වැඩි නොවුනොත් ස්‌වේච්ඡා තනතුරු අත්හරිනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය

mbadegreeමෙවර අයවැයෙන් නියමිත වැටුප් වර්ධක නොදුනහොත් සියලු ස්‌වේච්ඡා තනතුරුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත බව අනාවරණය වේ. මෙම තීරණය නිසා ත් විශ්වවිද්‍යාල පද්ධතියම අවුල් විය හැකි බවද පැවසේ.

ප්‍රථම වෙළඳ නැව දෙසැම්බරයේ මාගම්පුරට..

container-shipමාගම රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික වරායට ප‍්‍රථම වෙළද නෞකාව ලබන මස මුලදී ළගාවීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය දයාශි‍්‍රත තිසේරා ප්‍රකාශ කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්227  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්143  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්144  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්147 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට