Written by Admin on 06 ඔක්තෝබර් 2010
අද ලෝක ගුරු දිනය සමරන දවසයි. ඒ අනුව අද ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. එය සංවිධානය කර තිබුණේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් විසිනි. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ රු.3000ක දීමනාවකට ගුරු සේවා සහයකයින් ලෙස බඳවාගත් පිරිස ගුරුවරුන් ලෙස සේවයේ යොදවන්න කියාය.
ඡායාරූප – රතඹලගේ නීලකුමාර
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
අද ලෝක ගුරු දිනයයි. මේ වෙනුවෙන් ගුරුවරුන්ට උපහාර පිදීමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන අයගේ සහභාගීත්වයෙන් උපහාර උළෙලක් පවත්වන ලදී. එහිදී අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඇති සී.ඩබ්.ඩබ් කන්නංගරගේ පිළිරුවට උපහාර දක්වන ලදී.
ඡයාරූප – රතඹලගේ නීලකුමාර
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලබන සතියේ දී ආරම්භ කිරීමට නියමිත බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ලබන සතියේ සිට අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ සිදුකරනු ඇති බවයි. දැනට ලැබී ඇති ඉල්ලූම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒවාට කැඳවීම් ලිපි යැවීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදුකරනු ඇති බව ද එම ආරංචි මාර්ග තහවුරු කළේය. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
අද පෙරවරුවේ සිරගතව සිටින සෙන්පති නිදහස් කර ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩියේදී අත්සන් කිරීමට ගිය මහජන පෙත්සමට පොලිසියෙන් බාධා කළ බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. පොලිසිය පවසා ඇත්තේ මෙම පෙත්සම අත්සන් කිරීම වළකන ලෙස ආරක්ෂ අමාත්‍යංශයෙන් නියෝග ලැබී ඇති බවයි. ඉන් පසුව එම ස්ථානයේ සවි කර තිබූ බැනරයද ගලවා ඉවත් කර ඇති පොලිසිය අත්සන් කිරීම වහාම නවත්වන ලෙස පවසා ඇත.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
විශ්ව විද්‍යාල තුළ ඇති නිදහස් අධ්‍යාපන රටාව විනාශ කර ඇති බවට ජවිපෙ විසින් විෂය භාර අමාත්‍ය එස් බී දිසානායක චෝදනා කරයි. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන්ට බලපෑම් කරන බවට ජනතා විමුක්ති පෙරමුණට කරන චෝදනා අසත්‍ය බවයි. විශ්වවිද්‍යාල සිසුන්ට අනවශ්‍ය බලපෑම් කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක ඊයේ ප්‍රකාශ කිරීම මෙයට හේතුවයි.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
වසරක සේවා කාලයක් සපුරන සියලූ දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් හා පුස්තකාල දීමනාවක් පිරි නැමීමට රජය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න පවසන්නේ ලබන 10 වනදා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් නිදහසට කරුණු විමසීමට එජාපය සූදානම් වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 ඔක්තෝබර් 2010
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාගේ සිරකරු අංකය O/22032 බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මේ වන විට සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇත.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 ඔක්තෝබර් 2010
අද නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා සිටියේ මේ මස 7 වෙනිදා පස්වරු 2.30ට මහනුවර මහමළුවේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාට සෙත් පතා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවයි. සෝභිත හිමියන් මේ සඳහා ගිහි පැවිදි සියලු දෙනාටම විවෘත්ත ආරාධනයක් ද සිදු කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 ඔක්තෝබර් 2010
අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හිටපු එජාප පා.ම වජිර අබේවර්ධන පවසා සිටියේ පසුගියදා ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදී කිසිඳු පුද්ගලයෙක් රනිල් වික්‍රමසිංහට හූ කිව්වේ නැති බවය. එජාප නායකයාට හූ කිව්වා යැයි පවසමින් මේ සිදු කරගෙන යන ප්‍රචාරය රජයේ ක්‍රියාවක් බව වජිර අබේවර්ධන අවධාරණය කරයි. තවද ඔහු පවසන්නේ රනිල්ට නායකත්වයෙන් ඉවත් වෙන්න ලෙස බල කරන අය සිදු කරන්නේ රජයේ කොන්ත්‍රාත් එකක් බවයි.
ඡායාරූප හා වාර්තාව – නුවන් චාමර
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත