සත්‍යයේ පුවත් අඩහැරය….

අධ්‍යාපන සේවයේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ..

 විසඳුම් නොලැබුණහොත් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකටඑළඹෙන අගෝස්තු මස 5වන දින වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීමට අධ්‍යාපන අමාත්‍ය ලේකම් පොරොන්දු වී ඇති බව අද (20) නාරාහේන්පිට මාධ්‍ය හමුවක් පැවැත්වූ ලංකා ගුරු සංගමය, සමස්ථ ලංකා එක්සත් ගරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය කියා සිටියි. වැඩිපුර කියවිමට.. »

රජයෙන් නිසි පිළිතුරක් නැති නිසා අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම ක්‍රියාත්මකයි – ආචාර්ය නිර්මාල් දේවසිරි

nirmal ranjith dewasiriවිශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. වැඩිපුර කියවිමට.. »

ලංකාවට නව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරයෙක්..

Robbie Bulloch newශී‍්‍ර ලංකාවේ සිටින බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් රොබී බුලොච් වැඩ භාර ගත් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත, ආණ්ඩුව විසින් පරාජය කිරීම ජනතාවට කළ බලවත් අසාධාරණයක් – එක්සත් මාධ්‍ය සංසදය

ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත, ආණ්ඩුව විසින් පරාජය කිරීම ජනතාවට කළ බලවත් අසාධාරණයක්ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්බන්ධයෙන් ඊයේ (19) රාජගිරිය වතු කම්කරු සංගම් ශාලාවේදී එක්සත් මාධ්‍ය සංසදය විසින්  සම්මන්ත්‍රණයක් පවත්වන ලද අතර ඒ සදහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු  දේශපාලඥයින්, විද්වතුන් රාශියක් සහභාගි විය. මෙහිදී විද්වතුන් අදහස් දක්වමින් කියා සිටියේ කරූ ජයසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම පනත, බහුතරයකින් පරාජය කිරීමට ආණ්ඩුව ක්‍රියාකිරීම ජනතාවට සිදුකළ බලවත් අසාධාරණයක් බවයි. වැඩිපුර කියවිමට.. »

සෞන්දර්ය උපාධිධාරීන් 3000කට රැකියා..

Teachers (1)සෞන්දර්ය උපාධිධාරීන් තුන්දහසකට අධික පිරිසකට මෙම මස 29 වැනිදා ගුරු පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම්කර ඇති බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

එජාපය මහින්දානන්දගේ අභියෝගය භාර ගනී..

unp-logo-01සූරියවැව ජාත්‍යන්තර කී‍්‍රඩාංගනය සම්බන්ධයෙන් විවෘත විවාදයකට එන ලෙස කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂය විසින් භාරගෙන ඇති බව අප වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කුරුණෑගල ගුරු විරෝධතාවයට පහර දීමට එරෙහිව කුරුණෑගලදී උද්ඝෝෂණ..

kurunagala picketපසුගියදා කුරුණෑගල ගුරු විරෝධතාවයට එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පා ඊයේ(19) කුරූණෑගල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් කුරුණෑගල දිස්ත්‍රික් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබිණි. වැඩිපුර කියවිමට.. »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් ගමන් වාරයට රු.300යි..

highwayලබන මස මුලදී විවෘත කිරීමට නියමිත දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ පින්නදුව අතර ධාවනය කෙරෙන වාහනවලින් එක් ගමන් වාරයකට රුපියල් 300 බැගින් අය කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අධිකාරිය පවසයි. වැඩිපුර කියවිමට.. »

රජයේ දිවි නැඟුම ව්‍යාපෘතිය අසාර්ථකයි – ටිල්වින් සිල්වා

tilvin-silvaරජය විසින් අරඹා ඇති දිවි නැගුම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. දිවි නැගුම වැඩසටහන යටතේ ගෙවතු දස ලක්ෂයක් ආරම්භ කිරීමට නියමිතව තිබූ බවත් එය ප‍්‍රකාශ වලට පමණක් සීමා වී ඇති බවත් එහි ලේකම් ටිල්වින් සිල්වා පවසයි. තවද දේශපාලඥයන් දෙන පොරොන්දු ඉටු නොකරන බව ද හෙතෙම අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

ආණ්ඩුවේ මැර ප්‍රහාර නිසා උතුරේ මැතිවරණය සාධාරණය කරන්න බෑ – තිස්ස අත්තනායක

tiss-aththanayake-latestඋතුරේ එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට හා ද්‍රවිඩ සන්ධානයට එල්ල වන මැර ප්‍රහාර නිසා පළාත් පාලන මැතිවරණය නිදහස්ව හා සාධාරණව සිදු කර ගැනීමට ඇති අවස්ථාවක නොමැති වී යන බව අද(19) එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්184 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්427  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්182  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්183  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්184  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්185  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්186 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට