සත්‍යයේ පුවත් අඩහැරය….

දිගම්බරන් ස්වාධීන වෙයි..

නුවර එළිය දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් තරග කළ දිගම්බරන් වැඩිම මනාප ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු වතුකරයේ ප්‍රභල වතු කම්කරු නායකයෙකි. අද දහවල් වැල්ලවත්ත ග්ලෝබල් ටවර්හිදී මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් දිගම්බරන් පවසා ඇත්තේ, තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බවය. එයට හේතුව මෙවර එජාප ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් ලබා දීමට පොරොන්දු වී තිබුණද එය නොලැබී යාමය. මෙය වතුකම්කරුවන්ට කළ විශාල අසාධාරණයක් ලෙස පවසන දිගම්බරන් කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදී ස්වාධීනව සිටීමට තීරණය කර ඇත.

ප්‍රියානිගෙන් එජාප නවක මන්ත්‍රීන්ට දේශනයක්..

ඊයේ සි‍රකොතේ 7පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රැස්වීමක් පැවැත්වීය. එම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සහභාගී විය. එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු ලේකම් ප්‍රියානි විජේසේකරද සහභාගී විය. එහිදී ප්‍රියානි විසින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය පිළිබදව දේශනයක් පවත්වා ඇත.

විමල් සුසිල් එරෙහිව යුධ ප්‍රකාශ කරයි..

vimal and susilජාතික නිදහස් පෙරමුණ මෙවර මහමැතිවරණයේදී රජයට උදව් කිරීමට ඉදිරිපත් වූයේ, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් ලබා දෙන බවට කළ ගිවිසුම නිසාය. එහෙත් මෙවර ජාතික ලැයිස්තුවෙන් ජානිපෙ හිමිවූයේ එක් මන්ත්‍රී ධුරයක් පමණි‍. එ අචල සුරංග ජාගොඩට පමණි. ඒ හේතුව නිසා දැඩිව කො‍්ප වී සිටින විමල් වීරවංශ අද ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණි. එහිදී විමල් වීරවංශ, එජනිසයේ ලේඛම් සුසිල් ප්‍රේමජයන්ත දැඩිව විවේචනය කර ඇත.

ටිපෙක්ස් රංජිත් සිරිකොත යයි..

ranjith and ranilඑජාප නායකත්වට පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලුම මන්ත්‍රීවරුන්ට ඊයේ සිරිකොතට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ සදහා එජාපයේ විනය පරීක්ෂනයකට පවා මුහුණ දීමට සිටින ට්පෙක්ස් රංජිත්ටත් ආරාධනය කර තිබුණි. පසුගිය මහමැතිවරණයේදී මොණරාගල ඡන්ද නාමලේඛනයෙන් තිස්ස කුට්ටිආරච්චිගේ නම ටිපෙක්ස් කිරීම නිසා එජාප නායකත්වය රංජිත්ට මනාප නොදෙන ලෙස මොණරාගල ජනතාවට පැවසීය. එහෙත් මොණරාගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ එකම එජාප මන්ත්‍රී ආසනය රංජිත් මද්දුම බණ්ඩාරට හිමි විය.ඒ නිසා එජාප නායකත්වය ඔහුට සිරිකොතේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ආරාධනා කර තිබුණි.

7වන පාර්ලිමේන්තුවේ කථානායක පත් වේ..

chamal rajapakshaඅද නව පාර්ලිමේන්තුව රැස් විය. එහි පළමු කාර්ය වූයේ කථානායකවරයෙක් පත් කර ගැනීමය. නව පාර්ලිමේන්තුවේ කථානායක ලෙස හිටපු වරාය හා ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ පත් විය. ඒ අග්‍රාමාත්‍ය දි.මු ජයරත්නගේ හා එජාප යේ කරු ජයසූරියගේ යෝජනා ස්ථීරත්වයෙනි. වැඩිපුර කියවිමට.. »

ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ වී ජ මුට ආණ්ඩුකාරධූරයක්..

lokubandaraමෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවූ හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් බලාපොරොත්තුව සිටියේය. එහෙත් එම බලාපොරොත්තුව ඉටු නොවිනි. වැඩිපුර කියවිමට.. »

එජාප නායකත්වය අවසාන මොහොතේ රුවන් ඉවත් කරයි..

Ruwan-Fශ්‍රීලනිප මහජන පාර්ශ‍වයේ වැඩ බලන ජාතික සංවිධායක වන රුවන් ෆර්ඩිනෑන්ස් කටයුතු කරයි. මෙවර එජාපය සමග එකතු වී මහමැතිවරණයට තරග කළ මහජන පාර්ශවට, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් ලබා දෙන බවට එජාපය කලින් තීරණය කර තිබුණි. එම මන්ත්‍රී ධූරය හිමිවන්නට තිබුණේ රුවන් ෆර්ඩිනෑන්ස්ටය. නමුත් අවසානයේ ජාතික ලැයිස්තුව ඉදිරිපත් කරන විට එයින් රුවන්ගේ නම ඉවත් කිරීමට එජාප නායකත්වය කටයුතු කර ඇත. ඒ අනුව රුවන්ගේ දියවන්නාවෙන් එතෙර වීමේ සිහිනය බොදවී ගොස් ඇත.

රුක්මන් එජාපයේ සියලු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කරයි?

Rukman senanayakaඑජපයේ උප නායක ලෙස කටයුතු කළේ රුක්මන් සේනානායකයි. ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයෙක් ද වේ. රුක්මන් මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් බලාපොරොත්තුවෙන් සිටි අයෙකි. ඒ අනුව මුලින් පක්ෂය ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු නාම ලේඛනයේ රුක්මන්ගේ නම ඇතුළත් කර තිබුණි. එසේ ඇතුළත් කර තිබුණද ප්‍රකාශිත එජාප නව ජාතික ලැයිස්තුවෙන් රුක්මන්ගේ නම ඉවත් කර තිබුණි.   වැඩිපුර කියවිමට.. »

CID DIG පැය දෙකකට සීමා වේ..

daya samaraweeraපසු ගිය දා සී අයි ඩී එක තුළ සහකාර පොලිස් අධිකාරී සිට ඉහළට ලබා දුන් ස්ථාන මාරු වීම් සමග නව නියෝජ්‍ය පොලිස්පති ලෙස දයා සමරවීර වැඩ භාර ගන්නා ලදී. නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර එම තනතුරට පත් වීමට ප්‍රථමව කොළඹ කොට්ඨාශය භාරව කටයුතු කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දයා සමරවීරට සේවය කළ හැකි වූයේ පැය 2ක් පමණි. පත් වීම භාර ගෙන පැය 2ක් යාමට ප්‍රථමව එම තනතුරෙන් ඉවත් කළ දයා සමරවීර නැවත පෙර තනතුරම ලබා දී ඇත. ඉන් පසුව හිස් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ගාල්ල හා ඇල්පිටිය කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක පත් කර ඇත.

චම්පික පරිස‍රයෙන් විදුලියට..

champika20ranawaka2036වෙනි පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍ය ලෙස කටයුතු කළේ ජාතික හෙළ උරුමයෙන් රජයට එක් වූ පාඨලී චම්පික රණවකයි. මෙවර මහමැතිවරණයේදී එජනිසයෙන් කොළඹ දිස්ත්‍රික්‍කයෙන් තරග කළ චම්පික රණවක මෙවරත් පාර්ලිමේන්තුවට තේරී පත් විය. මෙවර 39කට සීමා වන කැබිනට් මණ්ඩ‍ලයේ චම්පිකට පරිසර අමාත්‍යංශය අහිමි වන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ වෙනුවට ඔහුට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්294 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්302  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්292  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්293  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්294  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්295  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්296 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට