සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඇමති රිෂාඩ්ට පුත්තලමේදී හූ සංගහයක්..

rishad-bathiudeenපුත්තලම- නාගවිල්ලුව ප්‍රදේශයේදී කර්මාන්ත සංවර්ධන හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට ප්‍රදේශයේ ජනතාව විසින්”හූ”සංග්‍රහයක් පවත්වා ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අද සිට ෆොන්සේකාට සෙත් පැතීම අරඹයි..

imagesසිරගතව සිටින සරත් ෆොන්සේකාට සෙත් පතා ආගමික කටයුතු සිදු කිරීම අද සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. වැඩිපුර කියවිමට.. »

මම නීතිය අකුරටම රකිනවා – ජනපති

Mahinda Rajapakse 4_2නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අවධාරණය කරයි.  ඒ පොළොන්නරුවේදී ඊයේ පස්වරුවේ පැවති සංඝ සමුළුවක් අමතමිනි. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ නීතිය සුරකින විනය ගරුක සමාජයක් සහිත රටක් කිසි දිනෙක පිරිහී නොයන බවයි.   වැඩිපුර කියවිමට.. »

බලපත්‍ර නැති අවි පොලිස් භාරයට..

gini awiනැගෙනහිර පළාතේ මේ වන විට භාවිතා වන බලපත්‍ර රහිත සියලුම ගිනි අවි පොලීසියට භාර දෙන ලෙස නියෝග කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම අවි ඔක්තෝම්බර් මස 30 වෙනිදාට ප්‍රථම ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන ලෙස නියෝගය ලබා දී ඇත.

බස් ගන්න අපි හිඟා කන්නේ නෑ – කුමාර වෙල්ගම

kamara welgamaලංගමය තව තවත් දියුණු කිරීම තම එකම අරමුණ බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ බස් රථ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් හිඟා කෑමට සූදානම් නොවන බවයි. දැනට ලංගමයෙන් උපයන ආදායම ලක්ෂ 430 ක් වන අතර එම ආදායම ලක්ෂ 500 ඉක්මවීම සිය ඉලක්කය බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

ෆොන්සේකා ප්‍රතිවාදියා වීම වරදක්ද? කරු ජයසූරිය

karu_jayasuriya_unp525සරත් ෆොන්සේකා ප්‍රතිවාදියා ලෙස මැතිවරණයේදී ඉදිරිපත් වීම ඔහු කළ වරදදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසුරිය ප්‍රශ්න කරයි. ඔහු සඳහන් කළේ තම ජීවිතයෙහි දුක්බරම දිනය ජෙනරල් හිරගෙට යවන දා උදා වූ බවයි. එදින ත්‍රස්තවාදීන්ට විජයග්‍රාහී දිනයක් වන බවද කරු ජයසූරිය පවසයි. එජාප නියෝජ්‍ය නායක නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අනෝමා ෆොන්සේකා හා දියණියන් දෙදෙනා කවදා හෝ ඉතිහාසගත වන බවයි.

සජිත් දඹුල්ලේ රැස්වීම් මාලාවක් සංවිධානය කරයි..

sajith newඑක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සජිත් ප්‍රේමදාස දඹුල්ල ප්‍රදේශයේ රැස්වීම් මාලාවක් සංවිධානය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. දින කීපයක සිට එම රැස්වීම් මාලාව දඹුල්ලේ ක්‍රියාත්මක වේ. එම රැස්වීම් මාලාව සිදු කරන්නේ එජාපයට ශක්තියක් වීමට බව ඔහු පවසයි.

ගුරු පත්වීම් 6728ක් ලබා දෙනවා – බන්දුල ගුණවර්ධන

Bandula_Gunawardenaමෙවර අයවැයට පෙර ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 554 ක් ද සෞන්දර්ය ගුරු පත්වීම් 3174 ක් සහ විද්‍යාපීඨ ගුරු පත්වීම් 3000 ක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ගුරු වෘත්තිය සම්බන්ධයෙන් පවත්වන ලද විභාග සඳහා පෙනී සිටින අනෙකුත් පිරිසද පළාත් සභා පාසල් වලට බඳවා ගැනීමට කටයුතු කරන බව ද ලබන නොවැම්බරයේ ගුරු විශිෂ්ඨතා සංචිතය ආරම්භ වන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

අස්වර් පාර්ලිමේන්තු සභාවට..

aswarඅග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න විසින් අද පාර්ලිමේන්තු සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් පත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

මව්පියන් 6000ක් වැඩිහිටි නිවාස වල..

parantsමෙරට ජනගහනයෙන් 10%ක් වැඩිහිටියන්ය. 2030 වන විට මේ තත්වය 30% දක්වා ඉහළ යනු ඇති බව සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. කෙසේ වෙතත් ලංකාවේ 6000ක් පමණ දෙමව්පියන් වැඩිහිටි නිවාස වල සිටින බව සමාජ සේවා අමාත්‍යංශයේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්295 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්347  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්293  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්294  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්295  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්296  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්297 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට