සත්‍යයේ පුවත් අඩහැරය….

අපිට ජවිපෙ උපදෙස් එපා – තිස්ස අත්තනායක

Tissaattaජනතා විමුක්ති පෙරමුණේ උපදෙස් අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.  එම පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය සිකුරාදා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.   වැඩිපුර කියවිමට.. »

අපේ තීරණ සදුදා – වාසුදේව නානායක්කාර

wasuව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප‍්‍රකාශ කරන්නේද නැද්ද යන්න පිළිබදව රජයට සම්බන්ධ වාමාංශික පක්‍ෂවල තීරණය ලබන සදුදා ප‍්‍රකාශ කිරීමට නියමිතව ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ද්‍රවිඩ එක්සත් පෙරමුණට තර්ජන..

tnaයෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා විරුද්ධ වන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධාන නායකත්වයට එහි මන්තී‍්‍රවරුන්ගෙන් බලපෑම් එල්ල වී  ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත ‍වාර්තා වේ.   වැඩිපුර කියවිමට.. »

ව්‍යවස්ථා සංශෝදනයට ඡන්දය දෙන්නෙ පක්ෂ තීරණය අනුව නොවෙයි..

ranga-bandaraව්‍යවස්ථා සංශෝදනයට ඡන්දය ලබා දෙන්නේ තම හෘද සාක්ෂියට අනුව බව එජාප පා.ම පාලිත රංගේ බණ්ඩාර පවසා ඇත. ඔහු අවධාරණය කරන්නේ මෙම ව්‍යවස්ථා සංශෝදනයේදී තමා සිතන්නේ රටේ අනාගතය ගැන මිස තම පක්ෂය පිළිබද නොවන බවයි.

ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව යාපනයේ පෝස්ටර් ඇලවූ පරිසක් අත්අඩංගුවට..

jvpposter_04අද පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ 18වන ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව පෝස්ටර් ඇලවූ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ‍යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

මනූෂත් ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය දෙයි..

manushaගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර යෝජිත නව ව්‍යවස්ථා සංශෝදනය සදහා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේය. වැඩිපුර කියවිමට.. »

දේශීය වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් නොකරනු – ආයුර්වේදය රැක ගැනීමේ සංවිධානය

aurwedayaදේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දේශීය වෛද්‍යවරුන්ට කරන ලද අපහාසයට විරුද්ධව අද බොරැල්ල ආයුර්වේදය ඉදිරිපිට, දේශීය වෛද්‍ය සේවකයින් විසින් උද්ඝෝෂණයක් පවත්විය. එම අවස්ථාවට ජනසෙත පෙරමුණු නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද සහභාගී විය. උද්ඝෝෂකයින් පවසන්නේ දේශීය වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් කරන මෙවැනි නියෝජ්‍ය අමාත්‍යවරුන් රටට අවශ්‍ය නොවන බවයි.

ඡායාරූප – නිරෝෂන් ගුණපාල

සමූපකාර බැංකුව රැකගනිමු – සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය

harborවරාය සමූපකාරයේ සභාපති හා උපසභාපති විසින් සමූපකාරය විනාශ කිරීමට එරෙහිව අද කොළඹ ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඒ සදහා සදහා සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සමාජිකයින් විශාල පිරිසක් ඒක රාශී වී සිටියහ. වැඩිපුර කියවිමට.. »

ඉල්ලීම් 7ක් ඉල්ලා රක්ෂණ සේවකයින් උද්ඝෝෂණයේ..

sri lanka insuranceශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමය විසින් අද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පරිශ්‍රය ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඒ ඔවුන්ගේ ඉල්ලීම 7ක් මුල් කරගෙනය. එම ඉල්ලීම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට කළු පටි පැළද රාජකාරි කිරන බව ශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමය අවධාරණය කරයි.

ඡායාරූප – නුවන් චාමර

රනිල් රට යයි..

ranilඊයේ සවස එජාප නායක රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සදහා විදෙස්ගත වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඔහු දින දෙකක් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්338 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්385  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්336  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්337  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්338  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්339  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට