සත්‍යයේ පුවත් අඩහැරය….

සෝබන සටන් බොරු සාකච්ඡා එපා – පොදු හෙද එකමුතුව

සෝබන සටන් බොරු සාකච්ඡා එපාඅද පුස්තකාල ප්‍රලේඛනාගාරයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ස්වාධීන හෙද සංගමය හා සමස්ථ ලංකා හෙද සංගමය පැවසුවේ වෘත්තීය සමිති වෙන වෙනම සටන් කර ඉල්ලීම් ඉල්ලනවාට වඩා එකමුතු වී සටන් කිරීම කාර්යක්ෂම බවයි. ඒ අනුව ඔවුන් අනෙක් වෘත්තීය සමිති වලටද පොදු හෙද එකමුතුව සමඟ එකතු වන ලෙස ඇරයුම් කරයි. වැඩිපුර කියවිමට.. »

දැන් ලන්ඩන් වලට වීසා ගන්න එල්.ටී.ටී.ඊ යෙනුත් අවසර ගන්න වෙලා – ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමයඅද කොළඹ පුස්තකාල ප්‍රලේඛනාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක, හැඩිගල්ලේ විමලසාර හිමි හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ බ්‍රිතාන්‍ය රජය එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාවේ අතකොළුවක් වී ඇති බවය. වැඩිපුර කියවිමට.. »

රවී කරුණානායක තරුණ තරුණියන්ට අතහිත දෙයි..

රවී කරුණානායක තරුණ තරුණියන්ට අතහිත දෙයිඊයේ එජාප පා.ම රවී කරුණානායකගේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු පවසා සිටියේ යොවුන් පරපුරේ අනාගත නායකත්වයට පුහුණු වන ආයතනයක් අවශ්‍ය බවයි. ලිබරල් තරුණ සංසඳය එවැනි නායකත්වය පුහුණු කරන ස්ථානයක් බව රවී කරුණානායක පවසයි. එම තරුණ සංගමය මේ වන විට රටවල් කීපයක සංචාරය කිරීමෙන් පසුව දැන් ස්ථාවර තත්වයකට පත්ව ඇති බව අවධාරණය කරන රවී කරුණානායක, තමා එම සංගමයේ අධ්‍යකෂක ලෙස කටයුතු කරන බව පවසයි. වැඩිපුර කියවිමට.. »

තුනෙන් දෙකට අපි බය නෑ – එජාපය

gamini jayawicramaපාර්ලිමේන්තුවේ බහුතරය උපයෝගි කර ගනිමින් ආණ්ඩු පක්ෂයට අත්තනෝමතිකව කි‍්‍රයා කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  එහි සභාපති පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසන්නේ ආණ්ඩු පක්ෂයේ බහුතරයට සිය පක්ෂය බිය නොවන බවයි. වැඩිපුර කියවිමට.. »

නොබෙල් සාම ත්‍යාග උළෙලට ලංකාව යන්නෙ නෑ..

nobel priceමෙවර නොර්වේජියාව විසින් පවත්වනු ලබන නොබෙල් සාම ත්‍යාග උළෙලට ශ්‍රී ලංකාව සහභාගී නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර පවසයි.

තායිලන්තයේ නීති විරෝධීව සිටි ලංකිකයින් පිරිසක් අත්අඩංගුවට..

handcuffsතායිලන්තයේ නීති විරෝධීව නැවතී සිටි ලාංකිකයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම පිරිසෙන් වැඩි පිරිසක් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බව තායිලන්ත ආරංචි මාර්ග පවසයි.

වෘත්තිකයන්ට දුන් දීමනාව අපටත් දෙන්න – අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ

වෘත්තිකයන්ට දුන් දීමනාව අපටත් දෙන්නඅද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට එක්වූ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් 7ක් ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරන ලදී. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ විශේෂ වෘත්තිකයන් සඳහා වූ 25% වැටුප් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසයි. වැඩිපුර කියවිමට.. »

බැංකුව රකිමු – අපි රැකෙමු – ලංකා බැංකු සේවක සංගමය

බැංකුව රකිමු - අපි රැකෙමුඅද දහවල් යෝර්ක් වීදිය අගනුවර ලංකා බැංකු ශාඛාව ඉදිරිපිටට එක් වූ ලංකා බැංකු සේවක සංගමය පවසා සිටියේ ලංකා බැංකුව යෝර්ක් වීදිය ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමේ යෝජනාව වහා ඉවත් කර ගන්නා ලෙසයි. එම උද්ඝෝෂණයට ලංකා බැංකුවේ සේවකයින් විශාල පිරිසක් එක් රැස් වී සිටියහ.

ඡායාරූප – රතඹලගේ නීලකුමාර

බාහුට ගුවන් තොටේදී ප්‍රහාරයක්..

bahuකොටි මහවිරු දින කතාව සිදු කිරීමට ලන්ඩනය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න ඊයේ පස්වරුවේ ලංකාවට ගොඩ බසින විටම මැර ප්‍රහාරයකට ලක්ව ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

ස්වාධීන වෘත්තිකයින්ගේ සහයත් සජිත්ට..

ස්වාධීන වෘත්තිකයින්ගේ සහයත් සජිත්ටඊයේ වැල්ලවත්ත සෆායා හෝටලයේ එජාප පා.ම සජිත් ප්‍රේමදාසට හිතවත් ස්වාධීන වෘත්තිකයන්ගේ සංගමයේ හමුවක් පැවැත්විය. එම අවස්ථාවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දයාසි‍රි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, බුද්ධික පතිරණ, ගයන්ත කරුණාතිලක හා රෝසි සේනානායක යන අය සහභාගී විය. ඔවුන්ගේ සියලු දෙනාම එක හෙලා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස එජාප නව නායකයා ලෙස පත් කර ගත යුතු බවයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්339 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්427  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්337  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්338  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්339  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට