සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව ජවිපෙ උසාවියට..

JVP logoව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දේශපාලන පක්ෂ අතර මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති වී ඇත.  නව ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව ජවිපෙ ජනතාව සමග එක්ව විශාල විරෝධතාවයක් කිරීමට සූදානම් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  එම ජනතා විරෝධතාවයට අමතරව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කිරීමට ජවිපෙ තීරණය කර ඇත .   වැඩිපුර කියවිමට.. »

විපක්ෂයේ ඉදගෙන ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය දෙනවා – රවුෆ් හකීම්

rauf hakeenඊයේ පස්වරුවේ එජාප නායක කාර්යාලයේදී පක්ෂ නායකයින් රැස් වූ අවස්ථාවේදී මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් පවසා ඇත්තේ තමා විපක්ෂයේ සිටම යෝජිත නව ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය ලබා දෙන බවය. ඔහු පවසා ඇත්තේ මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ සකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.

දුටුගැමුණු යුද්ධය ජයගනී..

rajathumaපසුගියදා කැළණිය ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියෙක් ගස් බැදීමේ සිද්ධියට නි.අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වනු ලැබීය. එහිදී මර්වින් සිල්වා නිර්දෝෂී බව ඔප්පු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු පවසා ඇත්තේ මර්වින් සිල්වා සිදු කළ එම ක්‍රියාව ඩෙංගු මර්දන ක්‍රියාවලිය දිරිමත් කිරීම සදහා කළ රගපෑමක් බවය.

සුසන්තගේ ඝාතනය සම්බන්ධව අන්තරයෙන් සාක්ෂි විමසයි..

udulaරුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොමිසමක් පත් කරන ලදී. අද එම කොමිසම ඉදිරියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සාක්ෂි දීමට නියමිතය. එහිදී අන්තරයේ කැදවුම්කරු විසින්  සියලුම විශ්ව විද්‍යාල වල සිසුන් විසින් අත්සන් කරන ලද පෙත්සමක්ද කොමිසම වෙත භාර දීමට නියමිත බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

තිත්ත ඇත්ත කතා කරාට විරුද්ධව රන්ජන්ට මාරයා ආවේශ වේ..

dilka and ranjanඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දෙරණ 360 වැඩ සටහන මෙහෙයවන ඩිල්කා සමන්මලීගේ විදේශගතව සිටින දෙමව්පියන් වෙත පසුගිය 29 වනදා දුරකථනයෙන් අමතමින් තර්ජනය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

අපේ 18 වන සංශෝදනයට 160ක් ඡන්දය දෙනවා – මෛත්‍රීපාල සිරිසේන

maithripala sirisenaඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ 18 වන ව්‍යවස්ථා සංශෝදන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද 160කට වඩා වැඩි සංඛ්‍යාවකින් අනුමත කර ගන්නා බවය. මෙම සංශෝදනය අනුමත වීමට අවශ්‍ය වන්නේ ඡන්ද 151ක් පමණි. වැඩිපුර කියවිමට.. »

නව ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධව එජාපය අවි අමෝරති..

unp logoගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝදනයට දැඩි විරෝධය පල කරන එක්සත් ජාතික පක්ෂය හදිසියේම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරීමට තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම රැස්වීම හෙට දින සිදු කිරීමට නියමිතය. 18වන ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ග පිළිබද සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දෙවන යුධ අධිකරණය අද සිට දින 3ක්..

sarath fonsekaපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කරන දෙවන යුද අධිකරණය අද පස්වරුවේ යළි රැස්වීමට නියමිතව තිබේ. විත්තියේ සාක්ෂි විමසීම අද දිනයේ සිදු කිරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල පවසයි. අවසන් වරට දෙවන යුද අධිකරණය පසුගිය 26 වන දා රැස් වූ අතර එහි දී විත්තියේ සාක්ෂිකරුවන්ගේ නාමලේඛනයක් ලබා දී තිබේ. වැඩිපුර කියවිමට.. »

18වන සංශෝදනයට දස දෙසින් විරෝධය..

18th amendmentමෙම 18වන සංශෝදනයට විරුද්ධව මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පල කර ඇත. එහෙත් දැන් ආණ්ඩුවට සම්බන්ධව සිටින වාමාංශික පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර හා ඩීව් ගුණසේකර යන අයද මෙම සංශෝදනයට විරෝධය පල කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් ආණ්ඩුවත් සමග සිටින නිසා බහුතරය ආණ්ඩු පක්ෂය සතුව ඇත.

නව ව්‍යවස්ථා සංශෝදනය අනුමත කර ගන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ලෙසයි – ජවිපෙ

jvpඊයේ පස්වරුවේ මහජන පුස්තකාලයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් නව ව්‍යවස්ථා සංශෝදනය පිළබද දේශනයක් පවත්වන ලදී. එම අවස්ථාවට ජවිපෙ පා.ම සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් සහභාගී විය. එහිදී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා පවසා සිටියේ මෙම ව්‍යවස්ථාවට රාජපක්ෂට පක්ෂ ව්‍යවස්ථා සංශෝදනයක් බවයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්385  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්338  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්339  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට