සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ සම්මේලනයේදී සමඟිව ඉන්න – ගාමිණි ජයවික්‍රම පෙරේරා

gamini jayawicramaඑළඹෙන 12 වෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එජාප මහා සම්මේලනයෙදී සියලු එජාප සාමාජිකයින් සමඟියෙන් සිටින ලෙස එජාප සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා ඉල්ලීමක් කරයි. එය නම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අත්‍යවශ්‍ය බව හෙතෙම අවධාරණය කරයි. තවද මෙවර පක්ෂ සම්මේලනයට එක් මැතිවරණ කොට්ඨාශයකින් සහභාගී විය හැක්කේ සාමාජිකයින් 55කට පමණක් බව ගාමිණි ජයවික්‍රම පෙරේරා අවධාරණය කරයි.

කොළඹ ජලනල අලුත්වැඩියා කිරීමට රජය සැරසේ..

plumbingජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජනතාවගෙන් ජලය පරිස්සමින් භාවිතා කරන ලෙස ඉල්ලීමක් සිදු කරයි. කොළඹට බෙදා හරින ජලය ආරක්ෂා කරන්න පැරණි ජල නාලිකා පද්ධතිය අලූත්වැඩියා කිරීමට රජය තීරණය කිරීම මෙයට හේතුවයි. වැඩිපුර කියවිමට.. »

ජාතික පුෂ්පය ගැන ගැටළුවක්..

nil manelජාතික පුෂ්පය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති නිල් මානෙල් මලේ ඡායාරූපය වැරදි බවට කළ පර්යේෂණය පිළිබදව රජය මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව පර්යේෂකයන් පවසයි. එම පර්යේෂණය සිදුකළේ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවල ඇතුලූ පරීක්ෂණ කණ්ඩායමකි. වැඩිපුර කියවිමට.. »

උවට විශේෂ පාසලක්..

schoolබුත්තල අනුබද්ධ විශ්වවිද්‍යාල භූමියේ සිංගප්පූරු සංකල්පයකට අනුව පරිපූර්ණ පාසලක් පිහිටුවීමට රජය සූදානම් වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ එයට ජනපති අනුමැතියද ලැබී ඇති බවයි. එම පාසලට ඇතුළු වන සිසු සිසුවියන්ට කතාබහ, ආහාර ගැනීම ඇතුළු සෑම කි‍්‍රයාවකටම සම්බන්ධ දැනුම ලබාදීමට නියමිතය. වැඩිපුර කියවිමට.. »

ලන්ඩන් විරෝධතාවයට ජවිපෙ සම්බන්ධයක් නෑ – විජිත හේරත්

vijitha herathජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිදුකළ ලන්ඩන් සංචාරයේදී ඔහුට එරෙහිව පැවති විරෝධතාවන්ට තම පක්‍ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසයි. තම පක්‍ෂය එම උද්ඝෝෂණයන්ට සහයෝගය ලබාදුන් බවට වන චෝදනා හේරත්  තරයේ ප‍්‍රතික්‍ෂෙප කරයි. ජවිපෙහි ත‍්‍රස්ත විරෝධී ස්ථාවරය කිසිදා වෙනස් නොවන බව ඔහු අවධාරණය කරයි. විජිත හේරත් වැඩිදුරටත් පවසන්නේ, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සංගමය හා එල්ටීටීඊ හිතවාදීන් අතර සමීප සබඳතාවක් ඇති බවය.

පක්ෂ සම්මේලනයේදී නායකත්ව වෙනසක් අවශ්‍යයි – එජාප බිම් මට්ටමේ සාමාජිකයින්

unp logoඊයේ අනුරාධපුරයේදී එජාප බිම් මට්ටමේ සාමාජිකයින් පැවසුවේ පක්ෂය අවුරුදු 16 තිස්සේ අත්විඳි ඉරණමින් දැන්වත් ඉවත් වීමට නම් පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවයි. එසේ රැස්වූ එජාප බිම් මට්ටමේ සාමාජිකයින් පැවසුවේ මීළඟ නායකත්වයට හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සජිත් ප්‍රේමදාස පත් කළ යුතු බවයි. ඔවුන් පැවසුවේ දෙසැම්බර් 10 වැනිදා වන විට කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, හම්බන්තොට වැනි තවත් ප‍්‍රදේශවලද මෙවැනි ජනහමු සංවිධානය කරන බවය.

ලංවිම මහනුවර සේවකයින් වහලයට නගී..

electracityලංකා විදුලිබල මණ්ඩලයේ මහනුවර ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි වහලය මත එම සේවකයින් පිරිසක් විරෝධතාවක නියැලී සිටින බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ එක් සේවකයෙකු මුලින්ම උපවාසයක් ආරම්භ කර ඇති අතර, පසුව ඔහුගේ සගයින් 10 දෙනෙකු ඔහුට එක්ව ඇත. වැඩිපුර කියවිමට.. »

පන්ති තහනම් කළ ස්වාමීන් වහන්සේලා අතර අපවත් වූ හිමිනමකුත් – අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය

DSC074622010.11.26 දින ජ’පුර විශ්ව විද්‍යාලයේ පැවති උද්ඝෝෂණයට සහභාගි වීම නිසා පන්ති තහනම් කළ සිසුන් 44 දෙනාගෙන් 12 දෙනෙක් වූ ස්වාමීන් වහන්සේලා අතර මී‍‍ට මාස 03 ක‍ට පමණ පෙර අපවත් වූ හිමිනමකුත් සිටින බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩල‍ය පවසයි. වැඩිපුර කියවිමට.. »

මහ වැස්සෙන් කොළඹ මාර්ග රැසක් යටවෙයි..

images (5)දැන‍‍ට පවතින අධික වර්ෂාපතනය නිසා කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. තුම්මුල්ල, ආමර් වීදිය, කිරුළපන ආදී ස්ථාන ජලයෙන් යටවී ඇත.

ඔක්ස්ෆර්ඩ් ලංකා සංගමයෙන් ජනපතිට සම්මානයක්..

oxferd lankaජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශී‍්‍ර ලංකාවට සිදුකළ සේවය අගය කිරීමක් වශයෙන් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ශී‍්‍ර ලංකා සංගමය විසින් ජනාධිපතිවරයාට විශේෂ සම්මානයක් පිරිනමා ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම සම්මානය පසුගියදා ජනපති ලන්ඩන් වල කළ සංචාරයෙදී පරිනමන ලදී. එම අවස්ථාවට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ මීලඟ සභාපති ජේම්ස් ලැන්ග්මාන් ද එක්විය.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්427  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්339  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්343 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට