සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදා ප්‍රදර්ශනය අද ඇරඹේ..

navy logoනාවික හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන නාවික හා සමුද්‍රීය ප්‍රදර්ශනය අද සිට 12 වනදා දක්වා කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නාවික හා සාමුද්‍රීය දැනුම මහ ජනතාවට හා පාසල් දරුවන්ට ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රදර්ශන කුටි මෙම ප්‍රදර්ශන භූමියේ පවතින බවත්, එමෙන්ම නාවික හමුදාවේ අධිවේගී යාත්‍රා යොදාගනිමින් කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේ ඇති මුහුදු සීමාවේ අධිවේගී යාත්‍රා හසුරුවන සංදර්ශන පැවැත්වෙන බවත් නාවික හමුදාවේ තූර්ය වාදක හා සංස්කෘතික කණ්ඩායම් වල සංදර්ශන පැවැත්වෙන බව නාවක හමුදා මාධ්‍ය ප්‍රකාශක අතුල සෙනරත් පවසයි.

ජපුර සිසුන් 44කට පන්ති තහනමක්..

japuracampusමීට සතියකට පෙර පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගී වූ බව කියන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 44 දෙනෙකුගේ පන්ති තහනම් කොට ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. පන්ති තහනමට ලක්වූවන් අතර බෞද්ධ භික්‍ෂූන් 12 දෙනෙකු ද වේ. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු එම විරෝධතාවට එක් නොවූ බව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය කියා සිටී. වැඩිපුර කියවිමට.. »

අභිත සෙන්පතියානෙණි.. අපි ඔබ සමඟයි..

අභිත සෙන්පතියානෙණි.. අපි ඔබ සමඟයිබන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතා බැලීම සඳහා අද(03) එක්සත් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල හා පී. හැරිසන් යන අය වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

ඡායාරූප – නුවන් චාමර


වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා එජාපයෙන් විරෝධතාවයක්..

unp picket in fortවැටුප් වැඩිකරන ලෙසට ආණ්ඩුවට බල කරමින් එක්සත් ජාතික පක්‍ෂය ඊයේ (දෙසැ. 03) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් හා අත්පති‍්‍රකා බෙදාහැරීමක් පැවැත්වීය. එහිදී අදහස් දක්වමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ  පැවසූයේ, වැටුප් වැඩිකිරීම නැවැත්වීමට ආණ්ඩුව මර්දනය කි‍්‍රයාත්මක කරන බවත්, වැඩකරන ජනතාවගේ හා මධ්‍යම පන්තියේ ඉල්ලීම් පාගා දමා ඒකාධිපති වියරුවක් හිස ඔසවන බවත් ය. වැඩිපුර කියවිමට.. »

සුදු කොටින්ට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ කරලියට බසී..

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයඅද දහවල් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිට බ්‍රිතාන්‍ය මහ‍ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට එක් රැස් වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ ඇතුළු කලාකරුවන් පිරිසක් ලන්ඩනයේ ජනාධිපතිට එරෙහිව පැවැත්වූ කොටි හිතවාදී උද්ඝෝෂණයට එරෙහිව උද්ඝෝෂණයක් සිදු කරන ලදී. එම අවස්ථාවට හිටපු පා.ම පියසිරි විජේනායක ද සහභාගී විය.

ඡායාරූප – නිරෝෂන් ගුණපාල


ඉල්ලීම් හතක් උඩ හෙදියන් සත්‍යග්‍රහයක..

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයඊයේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දහවල් කෑම පැයේදී ජාතික රෝහල් ඉදිරිපිට සත්‍යග්‍රහයක් සංවිධානය කරන ලදී. එහි ප්‍රධාන සත්‍යග්‍රහය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපට දි පවත්වන ලදී. වැඩිපුර කියවිමට.. »

ජනපතිගේ සහයට බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් වේ..

lankanprotest in ukජනාධිපති මහින්ද රාජපක්‍ෂට සහාය පළකරමින් බි‍්‍රතාන්‍යයේ සිටින ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් ජනාධිපතිතුමා නවාතැන් ගෙන සිටින ඩෝචෙස්ටර් හෝටලය ඉදිරිපිටට ඊයේ (02) රැස් විය. එම පිරිස එල්ටීටීඊ හිතවාදී පිරිස් විසින් සිදුකරන විරෝධතාවලට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීය. එම අවස්ථාවේදී ප‍්‍රදේශයට දැඩි පොලිස් රැකවල් යොදා තිබුණු බවට එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ

හයිකෝප් අධ්‍යක්ෂකට ඇප..

courtහයිකෝප් මුල්‍ය වංචාවේ වරද පිළිගත් එහි අධ්‍යක්ෂක වෙලින්ටන් ඩේව්ට ඇප ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. අදාළ විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප 2 ක් මත මුදාහැරෙන බව ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ පැවසීය.

රාජ්‍ය නායකයෙකු ආරක්ෂා කළ නොහැකි හිරු නෙබසින රාජ්‍ය..

national freedom frontඅද ජාතික නිදහස් පෙරමුණ විසින් කොළඹ බෞද්ධාලෝක මාවත ඉදිරිපිට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

මුලතිව් තරුණයින්ට නව මඟක්..

mulathive youthමුලතිව් දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මුලතිව් මහා දිසාපතිවරයා පසුගියදා සහා ගොඩනැගිලි 12කින් සමන්විත මල්ටි ටෙක් ආයතනය වෘත්තීය පුහුණු අධිකාරිය වෙත පවරා දී ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්427  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්343  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්344 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට