සත්‍යයේ පුවත් අඩහැරය….

නව යුගයක් බිහිකළ හැකි සමගි ජන බලවේගයට සහය පළකිරීමට මගේ පක්‍ෂය තීරණය කළා – මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර

Podu Jana Peramunaරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නව යුගයක් ඇතිකළ හැකි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට සහය පළකිරීමට තම පක්‍ෂය තීරණය කළ බවත් ඒ අනුව ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයට පුර්ණ සහයෝගය ලබාදෙන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (29) සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී හේමකුමාර නානයක්කාර මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

වත්මන් ආණ්ඩුව මේ වනවිට රට තුළ මිලිටරිකරණයක් දියත් කරමින් සිටිනවා. එමඟින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය වනවා. මෙවැනි පාලනයක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා නොවෙයි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කළේ.

අද වනවිට එක් කල්ලියක් විසින් පමණයි රට පාලනය කරන්නේ. අද වනවිට කෘෂිකර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් පත්කර තිබෙන අතර අපිත් වසර ගණනක් කෘෂිකර්ම අමාතංශයේ රාජකාරි කළා. නමුත් මෙවැනි පාලනයක් කිසිවිටෙකවත් දැක්කේ නෑ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතළු රාජ්‍ය ආයතන රාශියකම ප්‍රධානීන් ලෙස විශ්‍රාමික හමුදා පිරිස් පත්කරලා. මෙමඟින් රාජ්‍ය සේවය මිලිටරිකරණය වනවා.

අද වනවිට සහල් මාෆියාව පාලනය කිරීමට ආණ්ඩුවට මෙන්ම ආණ්ඩුවේ නිලධාරීන්ට ද නොහැකිව තිබෙනවා. සහල් මාෆියාවට යටත්වීමටයි ආණ්ඩුවට සිදුව තිබෙන්නේ. මේ වගේ තත්ත්වයක් ඇතිකිරීමට නම් රටකට ජනාධිපතිවරයෙක් හෝ ආණ්ඩුවක් අවශ්‍ය නෑ. ඒ නිසා ඩඩ්ලි සිරිසේන මහතාට හෝ නිපුන සහ රත්න වැනි සහල් ව්‍යාවපාරයන්හි අධිපතිවරුන්ට රට පාලනය කිරීමට ඉඩ ලබාදී පසෙකට වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය රජය විසින් එම්.සි.සි ගිවිසුම අත්සන් කිරීමට සුදානම් වු අවස්ථාවේදී ඊට විරෝධතාවය දැක්වු වත්මන් පාලකයින් එම ගිවිසුම අත්සන් කිරීමට සුදානම්වීම ජනතාව මුලාකිරීමක් ලෙස පෙන්වාදිය හැකියි.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.

අද වනවිට රටටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත්, සිවිල් පාලනයටත් ගරුකරන කණ්ඩායම් රැසක් සමගි ජන බලවේගය සමඟ එක්ව සිටිනවා. ඒ අනුව එක් අරමුණක් තුළ දැවැන්ත ගමනක් යාම වෙනුවෙන් සමගි ජන බලවේගය නැමති මෙරට දැවැන්ත දේශපාලන සන්ධානයත් සමඟ මව්බිම ජනතා පක්ෂය ද එක්ව තිබෙනවා එහි නායකතුමා ඇතුළු පිරිස සමගි ජන බලවේගය වෙනුවෙන් මම ආදරයෙන් පිළිගන්නාවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට