අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (11) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඌව පළාතේ ස්ථාන කිහිපයක ද අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.