සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නෑ – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක

Podu සර් ෆේල් යන මතය මෙරට සියළු ජනතාව විසින් ප්‍රකාශ කරමින් තිබෙන බවත්, කොරෝනා වසංගතය හමුවේ ඉදිරිපත් කර ඇති මෙම අයවැයෙන් රට මුහුණදී ඇති ආර්ථික ගැටළු සඳහා විසඳුම් ලබාදීමට හෝ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව අසමත්ව තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා තවදුරටත් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා නිපදවා තිබෙන එන්නත මෙරට ජනතාවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් මඟින් මෙතෙක් කිසිදු වැඩපිළිවලක් ඉදිරිපත් කර නැහැ. මෙතෙක් කිසිදු පරීක්‍ෂණයක් හෝ සිදුකර නොමැති චීනයේ නිෂ්පදානය කර තිබෙන එන්නතක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවට තොරතුරු වාර්තා වනවා. මෙම ගනුදෙනුව වංචාකාරී ගනුදෙනුවක් වියහැකියි. රාජපක්ෂ පවුලට සමීපව කටයුතු කරන ව්‍යාපාරිකයින්ට ඉන් වාසිදායක වියහැකියි.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන ඇති ඇමෙරිකාව සහ එංගලන්තය ඇතුළු යුරෝපයේ රටවල් විසින් කොරෝනා වසංගතය මර්ධනය කිරීමට නිර්මාණය කර ඇති එන්නත මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මහබැංකුව සතුව පවතින අතිරික්ත මුදල් මෙම වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ණය සඳහා ගෙවීමට ආණ්ඩුව බලාපොරොත්තු වනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්. නව මුදල් මුද්‍රණය කිරීමටද වත්මන් ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටිනවා. මේවා සියල්ල ආර්ථිකයට භයානක තත්ත්වයන් ඇතිකරන තීරණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැය තුළින් කළු සල්ලි, සුදු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජාවාරම්කරුවන් සතුව පවතින කළු සල්ලි සුදු සල්ලි බවට පත්කරන්නැයි කරන ලද ඉහත යෝජනාව රටට ලබාදුන් භයානක පණිවිඩයක්.

මෙරට විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලොව රටවල් මේ වනවිට යම් යම් අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා. චීනය සමඟ පමණක් ගනුදෙනු කිරීමට කටයුතු කළහොත් යුරෝපීය රටවල් විසින් මෙරටට යම් යම් තහංචි පැනවීමට පවා ඉඩ තිබෙනවා. යුරෝපා සංගමය මේ වනවිටත් අවධාරණය කරලා තිබෙනවා ඒ බව. පසුගිය ආණ්ඩුව ඉතා අපහසුවෙන් තමයි ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය අවස්ථාව ලබාගත්තේ. ඒ පිළිබඳ අවධානය යොමුකර ආණ්ඩුව කටයුතු කළයුතුව තිබෙනවා.

මේ වනවිට මෙරට ගුවන්තොටුපළ සහ වරාය වසාදමා තිබෙනවා. කොරෝනා වසංගය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින විදෙස් ගතව සිටින ලක්ෂ 08 ක් පමණ වන මෙරට ශ්‍රමිකයින් වැටුප් පවා නොලබමින් ඉන්නේ. මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි එම පිරිස් විසින් කර ඇති ඉල්ලීම ඉටුකිරීමට ආණ්ඩුව මෙතෙක් කටයුතුකරලා නෑ. ඒ අනුව සර් ෆේල්, ගෝඨාභය ෆේල් යනුවෙන් ගැටළුවකින් තොරව අපට පැවසිය හැකියි.

බලයට පත්ව ගතව ඇති කාලයේදී රට වෙනුවෙන් සිදුකර ඇත්තේ මොනවාදැයි වත්මන් ආණ්ඩුවෙන් විමසීමට සිදුවනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් බලතල පැවරීමට කටයුතු කිරීමෙන් පරිසර හානියක් සිදුවනවා. සිය පියා වැනි නායකයෙකු සිටියේ නම් මෙම තත්ත්වයන්ට එරෙහිව නැඟීසිටීවි. ඒ අනුව සමගි ජන බලවේගය සහ සමගි තරුණ බලවේගය ලෙස මෙම තත්ත්වයන්ට එරෙහිව ඉදිරියේදී හඬනඟනවා.

පැවති ආණ්ඩුව දියත් කළ සියළු සංවර්ධන ව්‍යාපෘති සහ ලබාගන්නා ලද විදෙස් ණය සම්බන්ධයෙන් වන ලේඛනයක් පවතිනවා. එය සභාගත කිරීමට බලාපොරොත්තු වන බැවින් එහි අන්තර්ගත කරුණු මෙරට ජනතාවට දැකගැනීමට හැකිවේවි. එම සියළු ණය සහනදායි තත්ත්වයන් යටතේ ලබාගත් ඒවා. පැවති ආණ්ඩුව විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට වත්මන් ආණ්ඩුව චෝදනා කළත් මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජුවම එම ණය සහ ආධාර ලබාගෙන තිබෙනවා.

වෙනත් රටක් සමඟ ගනුදෙනු කරන විට එම රට හෝ අදාළ ආයතනයේ ඉතිහාසය දෙස අවධානය යොමුකළ යුතුයි. චීනය මෙරටට වැඩිවශයෙන් ලබාදී ඇත්තේ ආධාර නොව ණය බව පැහැදිලියි. මෙරටට ආයෝජන ලබාදෙන්නැයි චීනයෙන් පමණක් කළ ඉල්ලීම එතරම් යහපත් ඉල්ලීමක් නොවන බව පැවසිය හැකියි. මේ වනවිට මෙරට එක් පුද්ගලෙයකු ලක්ෂ 08 ක පමණ මුදලක ණයකරුවෙකු බවට පත්ව තිබෙනවා. 2015 දී අප විසින් ආණ්ඩු බලය භාරගන්නා විට විශාල ණය ප්‍රමාණයක් පැවතුනා.

රටක් ඉදිරියට ගමන්කිරීම සඳහා ණය අවශ්‍ය බව අප පිළිගන්නවා. නමුත් එසේ ලබාගන්නා ණය සෘජුවම ජනතාවත් රටත් වෙනුවෙන් භාවිතා කළයුතුයි. ඉදිකළ පසු ඉතා කෙටි කාලයකින් ජනතාවට ලාභය හිමිවන බරක් නොවී ලබාගත් ණය ගෙවිය හැකිවූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති කරා යොමුවිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කරනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට