සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ උත්සාහය ජනතාවට සහන දීම නොව සිය පොකුර වැඩිකර ගැනීමයි – සමගි ජන බලවේගය

Podu මේ වනවිට රට ජාත්‍යන්තර බල අරගලයකට මැදි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවක් පෙනීයන බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් මේ වනවිට ඒකාධිපති පාලනයක් ගෙන යන ආණ්ඩුව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා විසිනි.

ඒ මහතා පහත තවදුරටත් සිය අදහස් පළකළේය.

කොරෝනා වසංගත තත්ත්වය තුළ විදෙස් නියෝජිතයින් මෙරටට පැමිණ සාකච්ඡා කරන්නේ මොනවාදැයි යන සැකයත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බල අරගලයකට නතුව ඇද්දැයි යන සැකයත් මතුවෙනවා. වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට එරෙහිව එම සේවකයින් විරෝධතාවය දැක්වූවා. එවැන්නක් සිදුනොකරන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුනත් එම පොරොන්දු ඉටුකළේ නෑ.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් විකිණීමට කටයුතු කළා. 2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් දියත් කරන ලද මර්ධනය නැවත සිදුවෙමින් පවතිනවා.

පාසල් විවෘත කිරීම පිළිබඳ අප විරෝධය පළකරන්නේ නෑ. නමුත් දරුවන්ග් ආරක්ෂාව සඳහා ගත යුතු සියළු පියවර ගෙන ඇද්දැයි යන ගැටළුව පවතිනවා. මහනුවර සහ කුරුණෑගල නගරයේ පාසල් වසාදැමීමට කටයුතු කර තිබෙනවා. පාසල් තුළ නිසි ආරක්ෂාවක් නොමැති නිසා දෙමව්පියන් දරුවන්ව පාසල් වලට යොමු නොකරන තත්ත්වයක් ඇති වෙලා. විෂ බීජ හරණය සඳහා පාසල් වලට මුදල් ලබාදෙන බව පැවසුවත් මේ දක්වා නිවැරදි සැලසුමක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරලා නෑ. මේ අනුව අද වනවිට පාසල් දරුවන්ගේ ජිවිත දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

පාසල් බස් රථ සේවා පවත්වාගෙන යන පුද්ගලයින්ට රජය පෙන්වාදෙන ආකාරයට කටයුතු කිරීමට නොහැකියි. සිසුන් 20 ක් ගමන් කරන රථයක සිසුන් 10 කට සීමාකිරීම තුළින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන පුද්ගලයින් අපහසුතාවයට පත්වනවා. එබැවින් එයට විසදුම් ලබාදිය යුතුයි. කොරෝනා වසංගතය මර්දනය කිරීමෙන්ද ආණ්ඩුව අසමත්.

කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලා රැසක් වසාදමා තිබෙනවා. කොරෝනා දෙවන රැල්ල ඇතිවූ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තයට එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කර නෑ. මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය 22000 කට වැඩියි.

ඩ්‍රෝන කැමරා යොදාගනිමින් කොළඹ අහිංසක ජනතාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොහැකිව තිබෙනවා. ඒ කුමන් දේ නොකළත් නව අමාත්‍යධූර පත්කිරීම ආදිය ආණ්ඩුව සිදුකරමින් සිටිනවා. රාජපක්ෂ පොකුරේ සාමාජිකයින්ට අමාත්‍යධූර ලබාදීම පුදුම විය යුතු කරුණක් නොවෙයි. ජනතාව අපහසුතාවයට පත්ව සිටින විට සිය පොකුර ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ජනතාව ඉන්නේ බියෙන්. දරුවන් පාසල් යාම පිළිබඳව දෙමව්පියන්ගේ සිත්වල ඉහළ බියක් පවතිනවා. පාසල් තුළ දුරස්ථභාවය පවත්වාගෙන අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකියි. රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද වනවිට ජනතාවට විශ්වාසයක් නෑ. අද වන විට සහල් සඳහා ගැසට් පත්‍ර 05 ක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. පරිප්පු, සැමන්, සීනි වල මිල ද ඉහළ දැමීමට කටයුතු තිබෙනවා. ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ මහදැනමුත්තා තීන්දු තීරණ ගත් ආකාරයටයි. රට ගොඩනංවන සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කළ ආණ්ඩුව, බලයට පත්ව ගතවූ පළමු වසර තුළ කිසිදු පොරොන්දුවක් ඉටුකිරීමට කටයුතු කර නෑ.

මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට