සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව හැමදෙයකින්ම ෆේල් – සමගි ජන බලවේගය

Podu පසුගිය කාලය තුළ විදෙස් රට වල නියෝජිතයින් කිහිපදෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් එලෙස මෙරටට පැමිණියේ කෙසේදැයි රටට හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් මේ දිනවල ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයා මෙරටට පැමිණ සිටින්නේ කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉන්දියාවට විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීමටදැයි යන සැකයද මතුවන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. පසුගිය දා කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කින්ස් නෙල්සන් මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත සිය අදහස් දක්වා සිටියේය.

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ව අප හොඳින් පිළිගත යුතුයි. නමුත් ඔවුන් මෙරටට පැමිණෙන්නේ කුමන පරමාර්ථයෙන්දැයි රටට හෙළිකිරීම ආණ්ඩුව කළයුත්තක්. කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා ආණ්ඩුව ලබාදෙන පොහොර සහනාධාරය ප්‍රමාණවත් කියලා. නමුත් මෙම පොහොර සහනාධාරය ගෙවියාට කිසිදු ලෙසකින් හෝ ප්‍රමාණවත් වන්නේ නෑ. ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරයා පැවසුවා නොමිලේ පොහොර ලබාදෙන බව.

නමුත් මේ වනවිට නොමිලේ පොහොර ලැබෙන්නේ වී ගොවියාට පමණයි. අනෙකුත් පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 1500/- ක මිලදී ගන්නැයි මුදල් අමාත්‍යවරයා මෙවර අයවැය ඉදිරිපත් කරමින් පැවසුවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අයවැයත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් පරස්පර විරෝධියි. විශ්වාස කළයුත්තේ කවුද කියලා ගොවියාට සිතාගන්න බැරිව තිබෙන්නේ.

රුපියල් 50/- කට වී මිලදී ගන්නා බව ආණ්ඩුව පවසනවා. නමුත් වී මිලදී ගත යුත්තේ අස්වනු නෙලන ලද විගසයි. නමුත් එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නෑ. වී තුළ පැවතිය යුතු 14% ක තෙතමනයක් පැවතිය යුතුය යන ප්‍රමිතිය ලබාගැනීම සඳහා කබලකට දමා වී රත්කිරීමට සිදුවනවා. වී නිසිලෙස වියළා ගැනීම සඳහා ආණ්ඩුව ක්‍රමවේදයක් හඳුන්වාදී නෑ. ඒ නිසා තෙත වී අලෙවි කිරීමේදී ගොවියා දැඩි අපහසුතාවයකට පත්වනවා. ඒ අනුව 14% ක තෙතමනයක් පැවතිය යුතුව ඇති බවට වන ප්‍රමිතිය නොසලකා අස්වනු නෙලන ලද විගස වී මිලදී ගැනීමට හැකියි. නමුත් එසේ නොකරන්නේ ඇයිදැයි ආණ්ඩුවෙන් විමසිය යුතුයි.

මේ වනවිට වී මිල රුපියල් 50 ක් 55 ක් වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. එය පිළිගන්නා නමුත් වී අස්වැනු නෙලුවේ මීට මාස 03 කට පමණ පෙරයි. එම අවස්ථාවේ වී මිලදී ගත්තේ නෑ. ණය ලබාගෙන ගොවිතැන් සිදුකරන නිසා මාස 03 ක කාලයක් වී විකිණීමෙන් වැළකී සිටීමට ගොවියාට නොහැකියි. මේ අනුව මෙරට කෘෂි කර්මාන්තය වෙනුවෙන් ආණ්ඩුව හඳුන්වාදුන් වැඩපිළිවල අසාර්ථකයි.

වී වගාවේදී අක්කරයක් සඳහා යූරියා කිලෝ 100 ක්, පී.එස්.ටී කිලෝ 20 ක් සහ එම්.ඕ.පී. කිලෝ 24 ක් වශයෙන් පොහොර අවශ්‍යයි. නමුත් මේ වනවිට අක්කරයකට යූරියා කිලෝ 82 ක්, ටී.එස්.පී. 10 ක් සහ එම්.ඕ.පී. කිලෝ 20 ක් වශයෙන් කප්පාදු කර පොහොර සහනාධාරය ලබාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති නිසා එම අස්වනු නිසි ප්‍රමිතියකින් ලබාගැනීමට නොහැකිව බොල් වී නිෂ්පාදනය වීම නිසා නිසි මිලක් ලබාගැනීමට ගොවියාට නොහැකිව තිබෙනවා. ඒ අනුව මෙම වැඩපිළිවෙලින්ද ආණ්ඩුව ෆේල්.

ආණ්ඩුව පොහොර සහනාධාරයක් ලබාදුන්නත් එය ප්‍රමාණවත් නැහැ. කාබනික පොහොර, යූරියා සමඟ මිශ්‍රකර භාවිතා කරන්නැයි බලධාරීන් පවසනවා. අක්කරයක වගාවක් සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් සිදුකළ හැකි නමුත් ඊට වඩා විශාල වගාවක් සඳහා එය භාවිතා කිරීම ප්‍රයෝගික නෑ. අද වනවිට කාබනික පොහොර, යූරියා පොහොර වලට වඩා මිලෙන් වැඩියි. පොහොර නොමිලේ ලබාදෙන බව මිස පොහොර කප්පාදුවක් පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් පැවසුවේ නෑ.

කොරෝනා වසංගතය හමුවේ මෙරට පාසල් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. දරුවන්ට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ අනුව පාසල් විවෘත කළයුතුයි. එය අප පිළිගන්නවා. නමුත් එසේ විවෘත කළ ඇතැම් පාසල් වසංගත තත්ත්වය හමුවේ යළි වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අනුමත සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මතක වුවත් යම් හෙයකින් සිසු දරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්දැයි විමසීමට සිදුව තිබෙනවා.

පසුගිය දිනෙක එක්වරම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් විවෘත කරන බව පැවසුවා. නමුත් විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන් දැනුවත් කිරීමක් එහිදී සිදුවූයේ නෑ. පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියෙන්ද ආණ්ඩුව ෆේල් බව ඒ අනුව පෙනීයනවා.

රුපියල් 5000/- ක දීමනාව ලබාදුන්නේ මාසයක කාලයක් සඳහා යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවා. දෛනිකව යම් අදායමක් ලද එම දීමනාව හිමිවූ ජනතාව යම් ජීවන රටාවකට හුරුව සිටිනවා. ඒ අනුව ඉහත දීමනාව ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නෑ. මෙම තත්ත්වයට එරෙහිව ජනතාව වීදි බැස විරෝධය පළකල විට එය විපක්‍ෂය විසින් සිදුකළ උසිගැන්වීමක් බවට ආණ්ඩුව චෝදනා කළා. එවැනි අවශ්‍යතාවයක් විපක්ෂයට නෑ.

අදාළ ප්‍රදේශ ලොක්ඩවුන් කළවිට එම ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට දැඩිම පීඩාවකට පත්ව සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව. එම ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලින් මෙන්ම සිදුකරන සියළු කටයුතු වලින්ද ආණ්ඩුව ෆේල් බව පේනවා.

කොරෝනා මර්ධනය වෙනුවෙන් විපක්ෂය ලෙස ලබාදිය හැකි උපරිම සහාය ආණ්ඩුවට ලබාදිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා. එම කටයුතු වලට විපක්ෂයද සම්බන්ධ කරගන්නැයි අප ඉල්ලා සිටියත් එවැන්නක් නොකර අප වෙත විවිධ චෝදනා එල්ල කිරීමට පමණක් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

පසුගිය දිනෙක රජයේ නිලධාරීන් පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝලකට ඇතුළුවී වී ගබඩා කර ඇති සහල් ප්‍රමාණය ආදී තොරතුරු සොයාබැලීමට යම් මැදිහත්වීමක් සිදුකරන ආකාරය දැකගැනීමට හැකිවුනා. ප්‍රධාන මෝල් කිහිපයකට පමණක් සිය වී අස්වැනු අලෙවි කිරීම සඳහා ගෙනයාමට ගොවියාට සිදුව තිබෙනවා. වී මිල තීරණය කරන එම මෝල් කිහිපය තමයි සහල් මාෆියාව සිදුකරමින් සිටින්නේ. එම ප්‍රධාන මෝල් කිහිපය විසින් කුඩා සහල් මෝල් වසාදැමීම කටයුතු කළා. මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ ඒ නිසයි. එසේ වසාදමන ලද කුඩා සහල් මෝල් යළි විවෘත කරන තෙක් මෙරට සහල් මිල පාලනය කරන්න බෑ.

සුවසැරිය ගිලන් රථ සේවාව මෙරටට හඳුන්වාදෙන විට එවකට විපක්‍ෂය විවිධ චෝදනා රැසක් එල්ල කළා. මේ දක්වා රටට නොමිලේ දැවැන්ත සේවාවක් සිදුකර තිබෙන මෙම ගිලන් රථ සේවාවේ සේවකයින් තිදෙනෙකුව ආරක්ෂිත ඇඳුම් කට්ටල ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් ඉවත්කර තිබෙනවා. මෙය අසාධාරණ තත්ත්වයක්. පැවති ආණ්ඩුව විසින් හඳුන්වාදෙන ලද මෙම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම සඳහා උපරිම පහසුකම් ලබාදිය යුතුව තිබෙනවා.

පොළොන්නරුව මහ රෝහල තුළ පී.සී.ආර්. පරික්ෂණ පහසුකම් නෑ. පවතින තත්ත්වය අනුව යම් පුද්ගලයෙකු මියගිය හොත් එම පුද්ගලයා පී.සී.ආර්. පරික්ෂණයකට ලක්නොකර මෘත ශරීරය ඥාතීන්ට ලබානොදෙන බැවින් පොළොන්නරුව ප්‍රදේශයේ යම් අයෙකු මියගිය විට එම පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකිරීමට ආදළ දත්ත මඩකලපුවට හෝ මහනුවරට යැවීමට සිදුවන බැවින් එම ඥාතීන් දැඩි අපහසුතාවයට පත්වනවා. ඒ අනුව පොළොන්නරුව මහ රෝහල සඳහා පී.සී.ආර්. යන්ත්‍රයක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට