සත්‍යයේ පුවත් අඩහැරය….

මුල් තැන දියයුත්තේ යුක්රේන සංචාරකයින්ට නොව විදෙස්ගත මෙරට ශ්‍රමිකයින්ටයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් මේ වනවිට මුහණදී තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳ අප දිගින් දිගටම අදහස් පළකලද ආණ්ඩුවේ ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවත් මෙය දැඩි අසාධාරණයක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. ඊයේ (11) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඇය පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියාය.

පසුගිය වසරේ ජනවාරි මසදී කොරෝනා වෛරසය ආසාදනයවූ චීන කාන්තාවක් මෙරටින් හඳුනාගැනීමෙන් පසු දිගින් දිගටම එම වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වුනා. කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින මිලියනයකට ආසන්න විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කටයුතු කළා.

පසුගිය අගෝස්තු මාසයේදී නව අමාත්‍යධූර ලබාදීමේදී කම්කරු අමාත්‍යවරයා ලෙස පත්වූ නිමල් සිරිපාල ද සිල්වා සහ විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ට විදෙස්ගත ශ්‍රමිකයින් පිළිබඳ තීරණ ගැනීමේ මූලික වගකීමක් පැවරෙනවා. නව අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් පසු විදෙස්ගත ශ්‍රමිකයින් පිළිබඳ කී වරක් සාකච්ඡා කළේ දැයි එම අමාත්‍යවරුන් දෙදෙනාගෙන් විමසා සිටීමට සිදුවනවා. විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් මෙරටට ගෙන්වාගැනීමට ආණ්ඩුව විසින් නිසි වැඩපිළිවෙලක් නොයෙදීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය දැඩිව කණගාටු වනවා.

බංගලියන්ට ඇඟ විකුණා මෙරටට පැමිණීමට සිදුව ඇතැයි විදෙස් ගතව සිටින ඇතැම් කාන්තාවන් පවසනවා. රට විරුවන් ලෙස හඳුන්වා නිවාඩු අනුමත කර විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා බලයට පත්වූ ආණ්ඩුව, මේ වනවිට පීඩාවට පත්ව ඇති එම පිරිස් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. විශාල මුදලක් පවතින කොවිඩ් අරමුදල භාවිතා කර හෝ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින, පීඩාවට පත් විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් සිය මව්රටට ගෙන්වාගැනීමට කටයුතු කළයුතුව තිබෙනවා. ඒ සඳහා ඇති අපහසුතාවය කුමක්දැයි මෙන්ම යුක්රේන සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් සකස්කළ හැකි නම් ශ්‍රමිකයින් මෙරටට ගෙනඒමට නොහැකිව ඇත්තේ මන්දැයි ආණ්ඩුවෙන් විමසනවා.

විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් කෙරෙහි යම් අකමැත්තක් පවතින්නේදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවනවා.60000 ක පමණ ශ්‍රමිකයින් පිරිසක් මේ වනවිට මෙරටට පැමිණ ඇතැයි බලධාරීන් පවසන අතර අදාළ නාමලේඛන ඉදිරිපත් කරන්නැයි මෙන්ම මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට එක්කරන්නැයිද ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එසේ පැමිණෙන ශ්‍රමිකයින් නිරෝධායනය කිරීමේ කටයුතු සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය සතුව පවතින පුහුණු මධ්‍යස්ථාන භාවිතා කළහැකි බව අවධාරණය කරනවා. මූලිකත්වය ලබාදිය යුත්තේ විදෙස් සංචාරකයින්ට නොව මෙරටට විශාල ලෙස විදේශ විනිමය ලබාදෙන ශ්‍රමිකයින්ටයි. එසේ රටට විශාල ආදායමක් ලබාදුන් ශ්‍රමිකයින් අද වනවිට විදෙස් රටවල් තුළ යාචකයින් බවට පත්ව සිටිනවා.

කොරෝනා මර්දනය සඳහා ගෙන්වන බව පැවසෙන අදාළ එන්නත් මෙරට ජනතාවට ලබාදෙන ආකාරය, ඒවා ගබඩා කරන ආකාරය ඇතුළු ඊට සම්බන්ධ කිසිදු තත්ත්වයක් පිළිබඳ කරුණු හෙළිකිරීමට ආණ්ඩුව කටයුතුකර නැහැ. මහජනතාවගේ ජීවිත සමඟ වගකීමකින් කටයුතු කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා. ආණ්ඩුවේ අමාත්‍යවරුන් වගකීම් රහිතව කටයුතු කරන්නේ නම් රට තුළ උද්ගතව තිබෙන ගැටළු පිළිබඳ ලිපි යොමුකිරීමෙන් පළක් නෑ. විහිළු සහගත ආණ්ඩුවක් බවට වත්මත් ආණ්ඩුව පත්ව තිබෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට