සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව කටයුතු කරන්නේ රෑ ඩැනියල් දවල් මිගෙල් වගෙයි , සමගි ජන බලවේගය…

Podu වත්මන් රජය බලයට පත් කිරීමට කටයුතු කරන ලද වෘත්තිය සමිති, ජනතාව, දේශපාලන සංවිධාන මෙන්ම මහ සංඝරත්නය ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද වන විට අදහස් දක්වමින් සිටින බව සමගි ජන බලවේගය විසින් ඊයේ (13) වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා අශෝක අබේසිංහ සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී ඇති අතර එහිදී අදහස් දක්වමින් අබේසිංහ මහතා සදහන් කලේ සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තුවෙන් වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් 69 ලක්ෂකයක් ජනතාවට සුවිශේෂි දිනයක් ලෙස අරන්තලාවේ භික්ෂු ඝාතනයට සම්බන්ධ, මංගලගම සිංහල ගම්මානයට පහරදී සිංහල ජනතාව ඝාතනය කළ සහ විශාල රණවිරුවන් පිරිසක් ඝාතනය කරන ලද පිල්ලෙයාන් යන අයව නිදොස් කොට නිදහස් කළ දිනය, දුෂිතයින්ට දඩුවම් ලබාදිය යුතුය සහ වාංචාකාරයින්ට, රාජ්‍ය දේපල විනාශ කරන පුද්ගලයින්ට දඩුවම් ලබාදිය යුතුයැයි පවසන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි, රන්ජන් රාමනායක මහතාව සිරගත කරන ලද දිනය හඳුන්වාදීමට හැකි බවයි.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර රටේ රාජ්‍ය සම්පත් බදුදීමට හෝ විකිණීමට කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදුන් බවත් අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද රටේ ජාතික සම්පත් විදේශීයකරණය නොකරන බවට සහ පසුගිය රජයන් විසින් විදේශයන් වෙත ලබාදී ඇති දේපල නැවත ලබාගන්නා බවට පවසා සිටියත් ආණ්ඩුව බලයට පත්වී දින කිහිපයක් තුළ ගාලු මුවදොර අසළ ඉඩම් අක්කර කිහිපයක් චීනයට විකිණීමට කටයුතු කළ බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අද්වානි සමාගමට බදුදීමට සැලසුමක්ද දියත් කරමින් සිටින බවත් ආණ්ඩුව බලයට පත්වීමට පෙර පැවසු දෑ වලට හාත්පසින්ම යෙනස් වූ වැඩපිළිවෙලක් මේ වන විට දියත් කරමින් සිටින බවට ඒ මහතා පවසා ඇත.

වරාය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අනුව වරාය සවංර්ධනය සඳහා යම් ආයෝජකයෙකු ගෙනඒමට කටයුතු කළ යුතු බවත් ඒ අනුව එය ඉන්දියානු අද්වානි සමාගමට ලබාදිය යුතු බවටත් පවසා ඇති අතර මෙරට ඉතිහාසයේ පළමු වරට කැබිනට් අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් මේ බව පවසා ඇති බවත් එය බරපතල ප්‍රශ්නයක් වන බවත් අවධාරණය කරන ඇත.

මහ සංඝරත්නය විසින් ආණ්ඩුවට එරෙහිව අදහස් දැක්වීම සිදුකරන අතර ඊයේ දින පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් “අපි මේ පාර පත් කරගෙන තියෙන්නේ රට වෙන්දේසි කරන වෙන්දේසි සමාගමක්”යැයි පවසා ඇති බවත් උන්වහන්සේ මීට පෙරද 1948 පසුව බොරුවෙන්ම පත්වී බොරුවෙන්ම රට පාලනය කරන එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බවටද පවසා ඇති බවට අවධාරණය කර ඇත.

ආණ්ඩුව චරිත දෙකක් පෙන්වන බවත් ජනාධිපතිවරයාටද චරිත දෙකක් පවතින බව පවසා සිටි අතර එක් චරිතයක් ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂත චරිතය වන අතර අනෙක් චරිතය ආරක්ෂකක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වන බවත් එම චරිත දෙකම අද වන විට ක්‍රියාත්මක වන බවත් එය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කළ හැකි බවට එතුමා විසින් පවසා සිටිය අතර එය රෑ ඩැනියල් දවල් මිගෙල් වැනි බවත් ජනාධිපතිවරයාගේ සිට සමස්ත ආණ්ඩුවම කටයුතු කරනු ලබන්නේ මේ ආකාරයට චරිත දෙකකින් බවට හර්ෂද සිල්වා මහතා විසින් අවධාරණය කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට