සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්ථනය කළ යුතු, සමගි ජන බලවේගය…

Podu වත්මන් රජය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඒ සඳහා විපක්ෂවයේ මන්ත්‍රිවරුන්ටද ආරාධනා කර ඇති බව අද (21) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජනබලවේගය අවධාරණය කරයි. මෙම මාධ්‍ය හමුව සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල සහ එරංග වැලිඅංගේ යන මහත්වරුන් සහභාගී වී ඇති අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කිරි ඇල්ල මහතා සදහන් කර ඇත්තේ මෙම කමිටුවට සමගි ජන බලවේගයේ යෝජනාවන්ද යොමු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවත් රජය විසින් ආණ්ඩුවට හිතවත් නීතීඥයින් පත් කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සුදුසු නොවන අතර නීතීඥවරුන්ට පමණක් යොදා ගනිමින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවස්ථාවක් ලබාදීම සුදුසු නොවන බැවින් නව ව්‍යවස්ථාවක් සඳහා රටේ සියළු ජන කොටස්, සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරගනිමින් ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතුව බවයි.

සෝල්බරි සාමීවරයා 16 වන ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා 1946 මෙරටට පැමිණි පසුව සියලූම දේශපාලන පක්ෂව සාකච්ඡාවකට කැඳවා ඒ සියලූ දෙනාම ඇතුලත් කරමින් කමිටුවක් පිහිටුවා ගනිමින් සියළුම කරුණු සලකා 16 වන ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කටයුතු කළ බවත්, එම ව්‍යවස්ථාවට මේ රටේ සියළු දෙනාම ඡන්දය ලබාදීමට කටයුතු කළ බව සදහන් කරන ලදි. එම ව්‍යවස්ථාව තුලින් සුළු ජාතීන් ආරක්ෂා කිරීම සදහා 29 වන වගන්තිය හදුන්වාදී තිබූ නමුත් රටට නිදහස ලැබීමෙන් පසුව එම ව්‍යවස්ථාව සංශෝධනය කර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ජේ.ආර් ජයවර්ධන යන හිටපු නායකයින් නව ව්‍යවස්ථා දෙකක් සකස් කිරීමට කටයුතු කළ බවත්, එම ව්‍යවස්ථා දෙක නිර්මාණය කිරීමේදී කිසිම අවස්ථාවක සුළු ජාතීන් නියෝජනය කිරීමක් සිදුනොවූ බව අවධාරණය කරන ලදි.

රටේ අනාගතය ගැන සිතන්නේ නම් සියලු දේශපාලන පක්ෂ සහ සියලු ජාතීන් සම්බන්ධ කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සුදුසු බව විපක්ෂයේ මතය වන අතර සියලූ ජාතීන් නියෝජනය කරනු ලබන මෙරට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්ථනය කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මතය සඳහන් කරමින් ආණ්ඩුවට ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බවට කිරි ඇල්ල මහතා පවසන ලදි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්ව මේ වන විට ඥාති සංග්‍රහය දියත් කරමින් සිටින බවත්, එයට ආසන්නතම උදාහරණය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙක් වන ශ්‍රිමාල් වික්‍රමසිංහ නැමති පුද්ගලයාට මහකොමසාරිස් තනතුරක් ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජපක්ෂවරුන් 2015 ට පෙර පැවති පාලනය තවදුරටත් දියත් කරමින් සිටින බවත්, හැකියාවට, කුසලතාවයට සරිලන පුද්ගලයින්ට තනතුරු ලබානොදි දේශපලාන හිතවත්කම් සහ ඥාති සම්බන්ධතා අනුව යම් යම් තනතුරු ලබාදීමක් වර්තමානයේ සිදුවන බව එරංග වැලිඅංගේ මහතා අවධාරණය කරන ලදි.

මෑත ඉතිහාසයේ දේශපාලඥයෙකු තරුණයෙකුට සිදුකළ හැකි උපරිම අසාධාරණයක් පොලිසිය භාර අමාත්‍යවරයා සිදුකරන බවත්, එතුමා විසින් තරුණ පිරිසට නිසි විනයක් නොමැති බැවින් හමුදා පුහුණුවක් ලබාදීම අනිවාර්ය කළ යුතු බවට පවසා සිටින බවත්, ආණ්ඩු බලය ලබාගැනීමේදී තරුණයින් හොඳයි යනුවෙන් පවසමින් වර්තමානයේදී තරුණයින්ට විනයක් නොමැති බව පැවසීම තරයේ හෙළා දකින බව වැලිඅංගේ මහතා සදහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට