සත්‍යයේ පුවත් අඩහැරය….

නාවලපිටියේ ඡන්දය කඩාකප්පල් කරන්න සූදානමක්..

srilanka.600නාවලපිටිය ඡන්ද බලප‍්‍රදේශයේ භීෂණයක් පෙන්නුම් කරමින් මැතිවරණය කඩාකප්පල් කිරීමේ උත්සහයක තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මැතිවරණ කාර්යංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න ප‍්‍රකාශ කළේ ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බවයි. මැතිවරණය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ඔහු අවධාරණය කර සිටී.මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ මැතිවරණය කඩාකප්පල් කිරීමේ සූදානමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇති බවයි. එම පැමිණිල්ල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ මහින්දානන්ද අලූත්ගමගේ විසිනි. ලැබුණු පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් නාවලපිටිය ඡන්ද බලප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න අනාවරණය කරයි. නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ආරක්ෂාවට 2000කට අධික පොලිස් නිලධාරින් ප්‍රමාණයක් යොදවා ඇති බව ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසයි. පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවද ඊට ඇතුළත් වේ.මේ වන විට නාවලපිටිය ඡන්ද විමසීමට අදාළ පැමිණිලි 8ක් ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ ලැබුණු පැමිණිලි විමර්ශනය කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. නාවලපිටිය ඡන්ද බලප‍්‍රදේශයේ මැතිවරණ රාජකාරි සඳහා 500කට ආසන්න රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වෙයි. කොළඹින් නිලධාරීන් 200ක් සහ දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලින් අනෙක් නිලධාරීන් නාවලපිටියට යැවීමටයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු කරමින් සිටී.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට