සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් වලට තවම විසදුම් නෑ, දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා දියත් කරනවා – හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

 /><span style=වැටුප් විෂමතා , උසස් වීම් අැතුළු සේවා ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අගවා සිටියි. අද (14) පුංචි බොරැල්ල ඔෟෂධවේදීන්ගේ සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ එම බල මණ්ඩලයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසිනි.

මේ සම්බන්ධයෙන් ලබන 16 වනදා නියෝජිත හමුවක් පවත්වා ලබන 28 වනදා දිවයිනේ සියළු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයන් පැවැත්වීමට කටයුතු යොදා අැති බවත් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැදවුම්කරුවන් වන අජිත් කේ තිලකරත්න, උපුල් රෝහණ සහ රවී කුමුදේශ් යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට