දෙදින සංචාරයක් සදහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන 12 වනදා මෙරටට පැමිණෙයි..
තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රවේට් චැන්ඕචා මහතා ලබන 12 වනදා මෙරටට පැමිණීමට නියමිත ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර සිටින්නේ මෙරටින් ලද ආරාධනයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. මෙම සංචාරය අතරතුර තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.