සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හොදින් හෝ නරකින් නව ආණ්ඩුවක් පිහිටුවා රනිල් වික්‍රමසිංහ යළි විපක්ෂ නායකධූරයේ පිහිටුවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික මෙන්ම අනෙකුත් ප්‍රතිපත්ති හමුවේ දිනෙන් දිනම මෙරට ආර්ථිකය කඩාවැටෙමින් තිබෙන බවත් රට දේශපාලන සහ සමාජීය වශයෙන්ද බිදවැටෙමින් තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියි. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් ඊයේ (30) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කළයුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නොමග යවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයථ, එක්සත් ජාතික පක්ෂයට බිලි දීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එවැන්නක් සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිසිදු අවස්ථාවක ඉඩ ලබානොදෙන බව ද ජෝන් සෙනෙවිරත්න මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ ලබන සැප්තැම්බර් 05 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සදහා එක්වන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුව නිසා පීඩාවට පත්ව සිටින සියළු ජනතාවට ආරාධනා කර සිටින බවයි. මෑත ඉතිහාසයේ කොළඹ නගරයට එක්වූ අතිවිශාලතම ජනකාය මෙම විරෝධතාවයට එක්වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විපක්ෂය එක්විය යුතුව ඇති බවද දිසානායක මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ හොදින් හෝ නරකින් නව ආණ්ඩුවක් පිහිටුවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් විපක්ෂ නායකධූරයේ පිහිටුවීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට