සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රමිතියෙන් තොර ඹෟෂධ මෙරටට ගෙන්වන අමාත්‍ය රාජිතගේ ක්‍රියාකලාපය ගැන සොයන්න – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමය

Podu Jana Peramunaපිළිකා රෝගීන්ට ලබාදීම සදහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් අඩු මිලට රුසියාවේ ආයතනයකින් මෙරටට ආනයනය කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කරමින් සිටින බව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමය චෝදනා කර සිටියි.ඊයේ (03) කොළඹ, නාඩා ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩදුරටත් පවසා සිටියේ අදාළ ඖෂධය නිසි ප්‍රමිතියෙන් තොර බව එම ඔෟෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකළ මෙරට විශේෂඥයින් විසින් මේ වන විට තහවුරු කර ඇති බවයි. මීට පෙර බවර් සමාගම විසින් අදාළ ඖෂධ වර්ගය නිසි ප්‍රමිතියෙන් යුතුව මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලද අතර එම සමාගම මගින් අදාළ ඖෂධය ගෙන්වීම අත්හිටුවා රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ඉහත පරිදි නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවද සංජය පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. තමන් බවර් සමාගමෙන් මුදල් වලට යටවී කටයුතු කරන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇතැම් විට තම සංවිධානයට චෝදනා කරන බවත් තම සංවිධානය එසේ මුදලට යටවී කටයුතු නොකරන අතර ස්වාධීනව පමණක් කටයුතු කරන බවත් සංජය පෙරේරා මහතා මෙහිදී පවසා සිටින ලදී.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ඒ මහතාගේ බිරිද ඇතුළු හිතවත් පිරිස් විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද සංජය පෙරේරා මහතා සිය අදහස් දක්වමින් මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට