සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට අනිවාර්යයෙන්ම බෙදීයනවා – යුතුකම සංවාද කවය

Bombනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට අනිවාර්යයෙන්ම බෙදීයන බවත් මධ්‍යම ආණ්ඩුව විසින් යම් පළාත් සභාවක් සම්බන්ධයෙන් යම් පනතක් සම්මත කරගැනීම සදහා අනෙකුත් පළාත් සභා සියල්ලේම සහය අවශ්‍ය වන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇති බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී යුතුකම සංවාද කවයේ කැදවුම්කරු ගෙවිදු කුමාරතුංග මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ යම් පළාත් සභාවකට තමන්ට අවශ්‍ය පනතක් සභාවේ සුළු බහුතර කැමැත්තෙන් සම්මත කරගැනීමට අවශ්‍ය අවස්ථාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ලබාදී අති බවයි.

එමෙන්ම ආසන්නතම පළාත් සභා කිහිපයකට එක්ව, රිසි පරිදි ප්‍රධාන අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරයෙන් මෙන්ම පළාත් සභා අමාත්‍ය මණ්ඩලයක් පත්කරගැනීමට හැකිවන ප්‍රතිපාදන මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින බවත් මේ උත්සහ කරන්නේ උතුරු සහ නැගෙනහිර යන පළාත් එක්කිරීම සදහා අවශ්‍ය අවස්ථාව ලබාදීමට බවත් ගෙවිදු කුමාරතුංග මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියද එතුමා මේ වන විට හොරගල් අහුලමින් සිටින බැවින් නව ව්‍යවස්ථාව පිළිබදව සත්‍ය තොරතුරු රටට හෙළිකරන ලෙස ඉල්ලා සිටින බවත් කුමාරතුංග මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට