සත්‍යයේ පුවත් අඩහැරය….

යුද ටැංකියේ සහ බුල්ඩෝසරයේ වෙනස හදුනන කවරෙකු හෝ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

Podu Jana Peramunaසියඵ තොරතුරු පූර්වයෙන් අනාවරණවී තිබියදී ලොව තුළ එල්ලවූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස, පසුගිය දා මෙරටදී එල්ලවූ ප්‍රහාරය හැ‍දින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි.ඊයේ (26) පාර්ලිිමේන්තු සංකීර්ණයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ විදෙස් බුද්ධි සේවාවක් මගින් ලබාදී ඇති අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු, ආරක්ෂක අමාත්‍යංශය තුළ දින පහක් රැදී තිබීමත්, ඉන් පසුව සිදුවූ ක්‍රියාවලියත් තුළ කාර්යාල කාර්ය සහයකයෙකුගේ වගකීම හෝ ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් විසින් සිදුකර නොමැති බය පෙනී යන බවයි.

තමන්ගේ වගකීමට එකගව කටයුතු කළ බැවින් අයි.එස් සහ තව්හිද් ජමාද් සංවිධාන මෙරට ආණ්ඩුවට වඩා අවංක සහ වගකීම් සහගත බව තමන්ට පුද්ගලිකව හැගී යන්නක් බවත් වසර තිහක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කර නිදහසේ හුස්ම ගනිමින් සිටි ජාතියක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සියල්ල මේ වන විට සුන්වී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙවැනි සිදුවීමක් ඇතිවූ විට මීට පෙරදී, සන්සුන්ව හැසිරෙන්නැයි ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් මේ වන විට එසේ හැසිරෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට ජනතාවට සිදුව ඇති බවත් මෙරට අහිංසක, සහෝදර මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් නොබල්ලන යැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඩලස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කරන ලදී. 1983 දී කළු ජූලිය නිර්මාණය කරමින් සිය දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට එවකට පාලන බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ අතර මේ වන විට ආණ්ඩුව තුළත් එවැනි සැලසුමක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් මතුව ඇති බවත් ආණ්ඩුව බලයට පත්ව ගතව ඇති වසර හතර හමාරක කාලය තුළ ආරක්ෂක ලේකම්වරුන් 04 දෙනෙකු පත්කිරීමට කටයුතු කර ඇති බවත් කරුණාකර යුද ටැංකියේ සහ බුල්ඩෝසරයේ වෙනස හදුනන කවරෙකු හෝ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරන්නැයි ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේ්ෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට