බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමෙරිකානු ජාතික කාන්තාවක් මියයයි..
පසුගියදා මෙරටදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා, සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. චෙල්සියා ඩිකමිනාඩා නමැති මෙම ඇමෙරිකානු ජාතික කාන්තාව, ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යටතේ මෙරට යෙදී සිට ඇත. ඇය ප්‍රහාරයට ගොදුරු වූයේ ෂැංග්‍රීලා හෝටලයේ සිදු වූ පිපිරිමෙනි. බෝම්බ ප්‍රහාරයෙන් තුවලා ලැබූ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් සිංගප්පූරුවට රැගෙන ගිය අතර එහිදී ඇය මියගොස් තිබේ.