ප්‍රදේශ කිහිපයකට අද වැසි..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනයේදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව යන පළාත්වල ස්ථාන කිහිපයකත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ වැසි ඇති වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කරයි.