සමෘද්ධි දිමනාව දේශපාලන වුවමනාවන් මත ලබාදීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය
දේශපාලන වුවමනාවන් මත එක් පිරිසකට පමණක් සමෘද්ධි දිමනාව ලබාදීමේ වැඩපිලිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට පමණක් අදාළ දීමනාව ලබාදීමේ උත්සහයක් දියත් වන බව එම සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා පවසා සිටියි. ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජගත් කුමාර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.