සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමිට එරෙහි සන්ධ්‍යා එක්නැලිගොඩගේ පෙත්සමට දින තීන්දුයි..

Podu Jana Peramunaඅතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට පනවා ඇති අත්හිටවූ සිර දඬුවම අහෝසි කර එය අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන ජූනි මස 22 වනදා සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (31) කැඳවන ලද අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්ට බැණ තර්ජනය කිරීමේ චෝදනාවට එම අධිකරණය මඟින් ලබාදෙන ලද මාස හයක සිරදඬුවම, අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නීතිවිරෝධී බැවින් අදාළ තීරණය අහෝසි කර මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට