ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා දැලේ..
ගංජා කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 350 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී මොටර් රථයක් මඟින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 56 සහ 31 වියෙහි පසුවන අතර ඔවුන් හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනාවරණය වී ඇත.