සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ කාරක සභාවට දයාසිරි අනිවාර්යයෙන් පැමිණිය යුතුයි – විශේෂ කාරක සභාවේ සභාපති කියයි…

Podu Jana Peramunaපාස්කු ප‍්‍රහාරය ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට යළි දැනුම් දීමට කටයුතු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසා ඇති බව වාර්තා වේ.දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා එම කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර ඇත්තේ මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් දන්නා බවට ඔහු මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.යම් මන්තී‍්‍රවරයෙකු කාරක සභාව හමුවට කැදවූ විට ඔහු මහ ජනතාවට වගකියන පුද්ගලයෙකු බැවින් ඒ සදහා පෙනී සිටිය යුතු බව නියෝජ්‍ය කථානායකවරයා සදහන් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වී ඇත.යළි දැනුම් දෙන දිනයක මෙම කාරක සභාව හමුවේ ඔහු පෙනී නොසිටිය හොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසා ඇති අතර පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 10 වනදා පස්වරු 2.00ට යළි රැස් වීමට නියමිතව ඇත. එදිනට සාක්ෂි විමසීම සදහා කැදවනු ලබන්නේ කවුරුන්ද යන්න මේ දක්වා තීරණය කර නොමැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට