වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළහැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අද (16) සිට ලබන 19 දින දක්වා කාලය තුළ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටස තුළ මෙම තත්ත්වය ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එසේම වයඹ, බස්නාහිර හා දකුණු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ තුළ විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වන තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු හා වයඹ යන පළාත්වල ස්ථාන රැසක ද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.