සත්‍යයේ පුවත් අඩහැරය….

ඇවෙන්ඩ් ගාඩ් සමාගමේ රැකියා අහිමිවූවන් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වන පාර්ශවයට ජනාධිපතිවරණයේදී සහය දෙනවා – ඇවෙන්ඩ් ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමය

Podu Jana Peramunaඇවෙන්ඩ් ගාඩ් මැරියට් සමාගමේ සේවකයින් 5274 දෙනෙකු පමණ සිය රැකියා අහිමිවීම නිසා දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටින බවත් එම සේවකයින්ට නැවත රැකියා ලබාදෙන බව වත්මන් නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍ය වෙත පවසා ඇතත් මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවත් ඇවෙන්ඩ් ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ සාමාජික නීතිඥ හරික් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. සිය අදහස් දක්වමින් ඒ මහතා පහත පරිදි අදහස් පළකරන ලදී.

ඇවෙන්ඩ් ගාඩ් මැරියට් සමාගම, ලෝක මුහුදු ආරක්ෂණ සේවාව තුළ සිව් වන ස්ථානයේ රැදී සිටියේ. මෙම සේවකයින් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානට යොමුකර විසදුමක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඇවෙන්ඩ් ගාඩ් මැරියට් සමාගමේ සේවයේ යෙදී සිට රැකියා අහිමිවූ සේවකයින් පිළිබදව යහපත් ප්‍රතිචාරයක් ලැබෙන පාර්ශවයකට ඉදිරි ජනාධිපතිවරණයේදී මහය ලබාදෙනවා.


මෙම අවස්ථාව සදහා ඇවෙන්ඩ් ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් අරුණ ආරියරත්න, ලේකම් විශ්‍රාමික වින්ග් කමාන්ඩර් එරික් වීරසිංහ සහ කැදවුම්කරු කමල් ගමගේ යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට