සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි..සජිත්ට දෙමළ ජනතාව සහයෝගය දිය යුතුයි – ආර්. සම්බන්ධන් ..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක වන බැවින් ‍ජනාධිපතිවරණය වර්ජනය කිරීමට දෙමළ ජනතාවට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.ඒ මහතා මේ බව පවසා සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට වවුනියාව නගර සභා ශාලාවේදී ඊයේ පවත්වන ලද අවස්ථා වේ. සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ජන්දය මත ජනාධිපතිවරයා තීරණය වන තීරණාත්මක අවස්ථාවක් අද වන විට උදාවි ඇති බවයි. එබැවින් දෙමළ ජනතාවට මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.දෙමළ ජනතාව 2005වසරේ ජන්දය වර්ජනය කිරීම හේතුවෙන් දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුවු දුක් කරදර සම්බන්ධයෙන් දෙමළ ජනතාවට නැවත මතක් කිරීමට අවශ්‍ය නොමැති අතර, මෙවර ජනාධිපතිවරණය 2005 මැතිවරණයට වඩා තීරණාත්මක වන බව හෙතෙම පවසා ඇත. සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට ඇති එකම විසදුම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිකරවීම පමණක් වන බවත් එබැවින් සියළු දෙමළ ජනතාව එක්වි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙසට පත් කිරීම උදෙසා සියළුදෙනාම ජන්දය භාවිතා කළ යුතු බවත්, ඒ හරහා දෙමළ ජනතාවගේ ගැටළු විසදා ගැනීමට හැකිවන බවත් පවසා ඇත. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් මහතා,එස්.ශිවමෝහන් මහතා, චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශාන්ති ස්කන්ධරාජා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට