සත්‍යයේ පුවත් අඩහැරය….

අල්ලස් නඩුවෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න නිදහස්..

Podu Jana Peramunaඅල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් එම කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අධිකරණය විසින් පියංකර ජයරත්න මහතා අදාළ චෝදනාවෙන් නිදහස් කිරීමට නියම කර ඇතැයි වාර්තා වේ. පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් වෙනත් සමාගමකට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත. අදාළ නඩුව අද (03) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේදී ,අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව මෙම නඩුව ගොනු කර ඇති නිසා නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා ඇත. අදාළ ඉල්ලීම පිළිගත් කොළම මහාධිකරණය එම අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසරදී ඇති අතර විත්තිකාර පියංකර ජයරත්න මහතා නිදහස් කිරීමට ද නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට