සත්‍යයේ පුවත් අඩහැරය….

සනී අබේසේකර ගැන විමර්ශනයට තවත් සති 02 ක කාලයක් ..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහි චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝකර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සිදුවූ දුරකතන සංවාදවලට අදාලව ශානි අබේසේකර මහතාට එල්ල වී චෝදනා පිළිබඳ මූලික විමර්ශනයක් කර සති 2 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පසුගිය 7 වනදා දැනුම් දී ඇත. කෙසේ වෙතත් වාර්තාව ලබාදීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දැනුම්දී ඇති අතර ඒ අනුව එම වාර්තාව ලබාදිමට තවත් සති 2 ක කාලයක් ලබාදිමට පොලිස් කොමිසම තීරණය කර තිබේ.රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකළ දුරකතන සංවාදවලට අදාලව පසුගිය 07 වනදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය අත්හිටුවන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර තිබුණේ ශානි අබේසේකර මහතා විසින් සිදුකර ඇති දුරකතන සංවාද මගින් පොලිස් සේවයට අපකීර්තියක් සිදුව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට