සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාවට ලබාදෙන සහන කප්පාදු කරන්නැයි කිසිදු අවස්ථාවක සඳහන් කර නැහැ, සමගි ජන බලවේගයට එල්ලවන චෝදනා අසත්‍යයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල්.

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව වෙත ලබාදීමට කටයුතු කළ රුපියල් 5000 දීමනාව නොගෙවන ලෙස සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවට ඇතැම් පිරිස් විසින් කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි.ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ අද ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ වාසි සඳහා පමණක් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් රුපියල් 5000 දීමනාව ප්‍රමාණවත් නොවන නිසා එම මුදල රුපියල් 20000ක් පමණ කරන්නැයි සමගි බලවේගය විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළ මන්ත්‍රිවරයා, ලබාදුන් රුපියල් 5000 දීමනාව හෝ නිසියාකාරව ලබාදීමට අපොහොසත් වීම ආණ්ඩුවේ නොහැකියාව නොවේදැයි විමසන ලදී. එමෙන්ම එම දීමනාව ජනතාවට ලබාදීමේ කටයුතු ග්‍රාමිය මට්ටමේ දේශපාලඥයින්ට ලබා නොදී ග්‍රාම නිලධාරින් සහ සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් එසේ නොමැතිව ජනතාවට මුදල් ලබා නොදීම පිළිබඳ වගකීම හා වැරැද්ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත හෝ විපක්ෂය වෙත පැවරීමට කටයුතු නොකරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද තුෂාර ඉඳුනිල් වැඩිදුරටත් සඳහන් කරන ලදී.


මෙම අවස්ථාවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව මැතිවරණ පොරොන්දු ලෙස ලබාදුන් සහන පැකේජ මේ වන විට බොරු පොරොන්දු වී ඇති බවයි. රට මේ වන විට පරිහානිය කරා ගමන් කරමින් සිටින බවත් බදු සහන, වැඩකරන ජනතාවට ලබා නොදී මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් ලබාදෙමින් විශාල මුදලක් අහිමි කරගත් රජය, ජනතාවට ලබාදීමට නියමිතව තිබු සහන ද කපා දමා ඇති බව ඒ මහතා මෙහිදි අවධාරණය කරන ලදි.

තවද ආණ්ඩුවේ මැති ඇමතිවරු සුරසැප විඳිමින් දුගී දුප්පත් ජනතාවගේ මුදල් පසුම්බියට විදීමේ උපායක නිරත වී සිටින බැවින් එවැනි ක්‍රියා වලින් වැළකී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද මුජිබර් රහුමාන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට