සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසියේ ඉහළ පුටු 11 කට ස්ථානමාරුවීම්..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් 11 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු නිළධාරින් 11 කට මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත. සේවා අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසා සිටියි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ආර්.පී.ජේ අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් ස්ථානමාරුවීම් ලබාදී ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී තල්දූව මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.සී.ඒ පුෂ්පකුමාර මහතා පත්කර තිබේ. නුගේගොඩ කොට්ඨාස භාරව කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.එල් ගීතාල් මහතා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත. ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.වී.පී. අජිත් හේසිරි මහතා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත. එමෙන්ම තවත් පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ද ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට