සත්‍යයේ පුවත් අඩහැරය….

එජාපය විසුරුවන්න..

joniඑජාපය දැන් විසුරුවා හැරිය යුතු කාල‍ය එ‍ළඹ ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු එජාප නායකට යෝජනා කර ඇත. ‍ඔහු පවසන්නේ එජාපය විසුරුවා හැර ජනා‍ධිපතිගේ රට ගොඩනගන වැඩ පි‍ළිවෙලට සහයෝගය දෙන ලෙසය. එහෙත් රත්නපු‍රයෙන් තරග කළ ජයගත් රංජන් රාමනායක පවසන්නේ එජාපයේ ජයගත් කිසිදු අපේක්ෂකයෙක් එජාපය හැර නොයන බවය. වැඩිපුර කියවිමට.. »

වජිර එළියට විසිවේ..

wajiraඑජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතෙක් හා එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන වජිර අබේවර්ධන මෙවර මහමැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන ලදී. එහෙත් ගාල්ලෙන් එජාපයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 2ක් පමණි. වැඩිපුර කියවිමට.. »

ටිපෙක්ස් රංජිත් අංක 1ට..

ranjith-madduma-5නිල ඡන්ද ප්‍රතිඵල අනුව මොණරාගල දිස්ත්‍රික්‍කයේ එජනිස මන්ත්‍රී ආසන 4ක් හා එජාපෙට මන්ත්‍රී ආසන 1 ලෙස බෙදී ගොස් ඇත. ඡන්දය පැවැතීවීමට පෙර සිටම මොණරාගල දිස්ත්‍රික්කයේ එජාපෙම සාමාජිකයින් අතර මතභේද ඇති විය. ඒ තිස්ස කුට්ටිආරච්චිගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන්ය. වැඩිපුර කියවිමට.. »

අවුරුදු උදාවත් සමගම තවත් මැතිවරණයක්..

Pillow fight at Cinnamon Lodge Hotel Avrudu(Sinhala New Year games)මෙවර මහමැතිවරණ ඡන්ද විමසීමේදී නාවලපිටිය ප්‍රදේශයේ එජනිස යේ අපේක්ෂකයෙකුගේ මැර ක්‍රියා කලාපය නිසා මුලු ආසනයේම ඡන්ද ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස් පියවර ගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

අමුණුගම වැට උඩ..

z_p01-sarathමෙවර මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ සරත් අමුණුගම මෙතෙක් ගණන් කළ මනාප ඡන්ද ප්‍රමාණය අනුව 8 ‍වන තැනට පත් වී ඇත. මහනුවරින් එජනිස හිමිවූයේ මන්ත්‍රී ආසන 7ක් පමණි. 7වෙනි තැනට පත්ව ඇත්තේ ෆයිසර් මුස්තාපා ය. ඒ සුලු ඡන්ද ප්‍රමාණයක වෙනසකින්ය. වැඩිපුර කියවිමට.. »

එජාපයේ වැඩිම මනාප ප්‍රතිශතය සජිත්ට..

newsමෙවර මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එජාපෙ ලබා ගත් ඡන්ද ප්‍රමාණය 83027ක් වුවද  දිස්ත්‍රික්කය ජයගත්තේ එජනිසයයි. දිස්ත්‍රික්යේ එජපෙ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වූයේ සජිත් ප්‍රේමදාසයි. වැඩිපුර කියවිමට.. »

7 මහමැතිවරණයෙන් එජනිස ඉදිරියෙන්..

දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන බෙදී ඇති ආකාරය පහත පරිදි වේ.

දිස්ත්‍රික්කය          එජනිස          එජාපෙ          ප්‍රජාස        ටීන්ඒ

බදුල්ල                   6                    2                 –                 -

මොණරාගල          4                    1                -                  -

කොළඹ                 10                  7               2                 -

ගම්පහ                   12                  5               1                  -

කලුතර                   6                    3               1                  -

කෑගල්ල                7                    2                -                  -

නුවර එළිය             5                    2               –                  -

මාතලේ                 4                    1                -                  -

ගාල්ල                    7                    2               1                 -

මාතර                     6                    2                -                 -

හම්බන්තොට        5                    2                -                 -

අනුරාධපුරය           7                   2                -                 -

පොලොන්නරැව    4                    1                -                 -

පුත්තලම                6                    2               –                 -

මඩකලපුව             2                    -                 –                3

ත්‍රිකුණාමලය          2                    1                -                1

මොණරාගලට මෙහෙම වුණේ ඇයි?

සෑම මැතිම‍රණයකදීම විශාල ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරන මොණරාගල දිස්ත්‍රික්යේ ජනතාව මෙවර එතරම් ඡන්දය භාවිතා නොකිරිම මත‍භේදයට තුඩු දෙන කරුණක් බවට පත්ව තිබේ. යාපනය හා වන්නි දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතරින් අඩුම ඡන්දය ප්‍රකාශ කිරීමේ ‍ප්‍රතිශතයක් වාර්තා වන්නේ මොණරාගලින්ය. මෙයට හේතුව ජනතාවට ප්‍රධාන පක්ෂ වලින් ඉදිරිපත් වූ අපේක්ෂකයින් හොද මදි වු නිසා ද නැත්නම් තමන් කැමති අපේක්ෂකයින් තමන් කැමති පක්ෂ වලින් ඉදිරිපත් නොවිම නිසාද යන්න තවමත් ගැටලුවකි.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත මෙන්න..

electionදිවයිනේ මෙතෙක් පැවති මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 58% පමණ අඩු ප්‍රතිශතයකි. බස්නිහිර පළතේ කොළඹ 63% ක් ද ගම්පහ 64% ක් ද කලුතර 62%ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇත. ඡන්ද දුෂණ වැඩියෙන්ම වාර්තා වු මධ්‍යම පළාතේ නුවර 60% ක් ද නුවරඑළියේ 67% ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇත. දකුණු පළාතේ ගාල්ලේ 55%ක් ද මාතර 53% ක් ද හම්බන්තොට 62% ක් ද ඡන්දය භාවිතා කර ඇත. උතුරු පළාතේ යාපනයේ 22% ක් ද වන්නි දිස්ත්‍රික්කයේ 32% ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇත. වැඩිපුර කියවිමට.. »

අපේක්ෂකයන් දැගලුවත් ජනතාවට ඡන්දය එපා වේ..

polling boothමේ වන විටත් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය දැමීම අවසන් වී නැත. එහෙත් මෙවර මහමැතිවරණයේදී ජනතාව ඡන්දය භාවිතා කිරීම දෙස බලන විට පෙනී යන්නේ පසුගිය මැතිවරණ තරම්වත් ඡන්දය භාවිතා නොකර ඇති බවයි. අද මධ්‍යහන 12 පමණ වන විට දිවයින පුරා ඡන්දය භාවිත කර ඇත්තේ සියයට 30ක පමණ පිරිසකි.  මනාප වලට අපේක්ෂකයින් පොර කන නිසා ජනතාවට අපේක්ෂකයින් හා මැතිවරණ යන දෙකම මෙවර එපා වී ඇති බව පෙනේ.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්692 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්696  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්690  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්691  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්692  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්693  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්694 » ...  Last » 

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට