කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2823 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 2823 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (02) නව ආසාදිතයින් 8 දෙනෙකු හමුව ඇති අතර ඉන් එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වු ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වේ. ඉතිරි 07 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිසකි. මේ දක්වා ආසාදිතයින් 2514 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 298 ක් වේ.