මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2,834 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2,834 ක් බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (04) තහවුරුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසා සිටියි. කොරෝනා ආසාදනය වීමෙන් පසු මෙතෙක් පූර්ණ සුවය ලැබූ ප්‍රමාණය 2,524 ක් වන අතර රෝගීන් 299 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.