සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර පාසල් විවෘත කිරීම කල් යයි ..

Podu කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ සඳහන් කරයි. ඒ අනුව මහනුවර නගර සභා බලප්‍රදේශයේ පිහිටි පාසැල් 45 ක් සහ අකුරණ ප්‍රදේශයේ පාසැල් 05 ක් දෙසැම්බර් මස 14 වෙනිදා දක්වා වසා තබන බව වාර්යිතා වේ. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සලකා බලා මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් ලබන සඳුදා (07) දක්වා වසා තැබීමට පසුගිය සතියේදී තීරණය කරන ලදි. මේ අතර කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වූ බෝගම්බර ගම්මානය අද සවස 6.00 සිට හුදෙකලා කිරිමට තීරණය කළ බවත් එහි පුද්ගලයින් 1,200ක් පමණ සිටීන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට