සත්‍යයේ පුවත් අඩහැරය….

“අභියෝග ජයගන්න එකට සිටගමු”, සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය 15 වනදා කොළඹදී අභමානයෙන් සමරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

Podu සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය ලබන සඳුදා සවස 02.30 ට කොළඹ, හයිඩ් පාක් පිටියේදී “අභියෝග ජයගන්න එකට සිටගමු” යන තේමාව යටතේ අභිමානයෙන් සමරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (11) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

අර්බුද රැසක් මධ්‍යයේ පිහිටුවා ගත් සමගි ජන බලවේගය ඉතා කෙටි කාලයක් තුළ රටේ ප්‍රධාන දේශපාලන ධාරවක් බවට පත්ව තිබෙනවා. දේශපාලනමය හෝ වෙනත් කුමන මතයක් දැරුවද “අභියෝග ජයගන්න එකට සිටගමු” යන තේමාව යටතේ කටයුතු කිරීම සඳහා අප සමඟ එක්වන ලෙස සියළු ක්‍ෂේත්‍රවල පිරිස් වලින් ඉල්ලා සිටිනවා.

දේශපාලන වශයෙන් ගත් තීන්දුවකින් පිහිටුවා ගත් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය මෙන් කුහකව කටයුතු කරන්නේ නෑ. අධිකරණයට අභියෝග කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිට කොමිෂන් සභා පත්කර තිබෙනවා.

සීනි බදු වංචාව, ඇන්ටිජන් වංචාවට එහා ගිය වංචාවක් බව සඳහන් කරමින් පසුගිය ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව තුළ කරුණු දැක්වීමට තමන් කටයුතු කළා. බැඳුම්කර වංචාවට වඩා විශාල වංචාවක් ලෙස සීනි වංචාව හැදින්විය හැකියි. විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් සිය මව් රටට ගෙන්වා ගැනීමේ අභියෝගයද ජය ගතයුතුව තිබෙනවා. මෙම තත්ත්වයට එරෙහිව ආණ්ඩුවට දැනෙන යමක් කිරීමට සිදුව තිබෙනවා.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ නිසි ක්‍රමවේදයක් අප විසින් හඳුන්වාදී තිබියදීත් එය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි විමසා සිටිනවා. මෙම කටයුතු සඳහා අපට අවස්ථාව ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට